චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය | දිනමිණ

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය

චීන පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේදී අමෙරිකානු ඩොලර් බිලියන 57.83 කට ආසන්න ගනුදෙනු සිදුකිරීමට ව්‍යාපාරිකයන් එකඟ වේ.

රටවල් 172 ක්, කලාප සහ අන්තර්ජාතික සංවිධාන මෙන්ම ව්‍යාපාර 3,600 කට වැඩි සංඛ්‍යාවක් මේ සඳහා සහභාගි වී ඇති අතර, දේශීය සහ විදේශීය ගැනුම්කරුවන් 400,000 කට වැඩි පිරිසක් චීන පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ආකර්ෂණය කර ගැනීමට සමත් වූ බව එම කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සන් චෙන්හයි මහතා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා ඇත.

ඩොලර් බිලියන 16.46 ක ඉහළ පෙළේ බුද්ධිමය උපකරණ, ඩොලර් බිලියන 16.46 ක වටිනාකමින් යුත් ආහාර හා කෘෂි කාර්මික භාණ්ඩ, ඩොලර් බිලියන 11.99 ක් වටිනා මෝටර් රථ, ඩොලර් බිලියන 5.76 ක වටිනාකමින් යුත් සෞඛ්‍ය උපකරණ, ඩොලර් බිලියන 4.33 ක් විදුලි උපකරණ, ඩොලර් බිලියන 3.37 ක් වටිනා ඇඟලුම් හා පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීමට සූදානමින් සිටින බව සන් චෙන්හයි මහතා එහිදී පැවසීය. සේවා සඳහා වූ ගනුදෙනුවල මුළු වටිනාකම ඩොලර් බිලියන 3.24 කි. “එක් තීරයක් - එක් මාවතක්” ව්‍යාපෘතිය හරහා ගනුදෙනු සිදුකරන ව්‍යවසායකයන්ගෙන් අපේක්ෂිත මිලදී ගැනීම් ප්‍රමාණය ඩොලර් බිලියන 4.72 ක් බව ද වාර්තා වේ.

 

නව අදහස දක්වන්න