පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම ලබන දෙසැම්බර් 07 වන දා දක්වා බලපැවැත්වෙන පරිදි වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
ඒ, ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 12ක් සලකා බැලීමෙන් පසුව ය.
එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර නොදී ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා මෙන්ම එම පෙත්සම්වලට අතරමැදි පාර්ශව ලෙස ඉදිරිපත් වූ මහාචාර්ය ජී.එල්. පීරිස්, උදය ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරුවරයා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව අදාළ නියෝගය නිකුත් කළේ ය.
අදාළ පෙත්සම් සම්බන්ධයෙන් විභාගය දෙසැම්බර් මස 04 , 05 හා 06 යන දිනවල පැවැත්වීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේ ය.
පෙත්සම් විභාගය අවසන් - තීන්දුව සවස 05ට - UPDATE
ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (13) පස්වරු පහට ලබාදීමට නියමිතය. පෙත්සම් විභාගය ඊයේ(12) ආරම්භ විය.
එහි වැඩිදුරටත් කරුණු සලකා බැලීම අද දවස පුරා සිදුවිය. ඒ අනුව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූලද නැද්ද යන්න පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පස්වරු පහට නිකුත් කෙරෙන බව සදහන් වේ.
නව අදහස දක්වන්න