ලෝකාන්තයෙන් පහළට වැටුණු ජර්මන් හෙදියගේ සිරුර බලන්ගොඩ රෝහලට | දිනමිණ

ලෝකාන්තයෙන් පහළට වැටුණු ජර්මන් හෙදියගේ සිරුර බලන්ගොඩ රෝහලට

බලන්ගොඩ විශේෂ සම්පත් ප්‍රියනන්දන හා බෙලිහුල්ඔය සමන්තා කංකානම්ගේ

සෙල්ෆි ජායාරූපයක් ගැනීමට යැමේ දී ලෝකාන්තයෙන් පහළට අඩි හාරදහසකට ආසන්න බැවුමකට වැටුණු ජර්මන් ජාතික තිස්පස් හැවිරිදි කාන්තාවගේ සිරුර ඊයේ (13) අලුයම බලන්ගොඩ මුලික රෝහලට රැගෙන ආ බව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ හෙද නිලධාරීනියක වන ජු්රියා එල්ගා (35) නැමති අවිවාහක ජර්මන් ජාතික කාන්තාවකි.

ඇය සිය මිතුරිය සමඟ ලෝකාන්තය ඉහළ සිට සෙල්ෆි ජායාරූපයක් ගැනීමට යැමේ දි අඩි හාරදහසකට ආසන්න ප්‍රපාතයකට පහළින් ඇති බලන්ගොඩ නන්පෙරියල් ප්‍රදේශයට වැටීමෙන් පසුගියද (11) පෙරවරුවේ මෙලෙස මියගොස් තිබේ. ඇය සිය සහෝදරිය වන රෙවන් හිින් නැමත්තිය සමඟ හෝර්ටන්තැන්න සහ ලෝකාන්තය ප්‍රදේශය නැරඹිමට පැමිණි අවස්ථාවේ දි මේ අවාසනාවන්ත අනතුරුට ලක් වුවාය.

අනතුර සිදුවු පසුගිය (11) වැනිදා සිට ඇය බේරා ගැනීමට ගුවන් හමුදාව, යුද්ධ හමුදාව, වනජීවි නිලධාරීන් සහ පොලිසිය කටයුතු කර තිබුණි.

සිරුර බලන්ගොඩ මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත් කර තිබේ. මරණ පරික්ෂණ ඊයේ (13) බලන්ගොඩ මුලික රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

 

නව අදහස දක්වන්න