ජලයෙන් යට වූ ගොවි ගම්මානවල ජලය බැස යාමට කඩිනම් වැඩපිළිවෙළක් | දිනමිණ

ජලයෙන් යට වූ ගොවි ගම්මානවල ජලය බැස යාමට කඩිනම් වැඩපිළිවෙළක්

පසුගිය දින කීපය තුල ඇඳහැලුණු වර්ෂාව හේතුවෙන් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජලයෙන් යටවූ ගොවි ගම්මාන වල ජලය බැස යාම සඳහා පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් හා කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් බැකෝ යන්ත්‍ර යොදා අවහිර වූ ජලමාර්ග කඩිනමින් සුද්ද පවිත්‍ර කිරීමට වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක විය.

වැසි ජලය බැස නො යාම හේතුවෙන් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩිම හානියක් සිදුව ඇත්තේ සේතපොල, මල්කොලනිය හා දලුව යන ගම්මාන වලට මෙම ගම්මාන වල අක්කර 200 කට ආසන්න ප්‍රමාණයක් වගා බිම් ජලයෙන් යටවී තිබූ අතර නිවාස 50ක් පමණ බලපෑම් එල්ල වී තිබුණි. පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ඒ.එම් ආර්.එන්. කේ අලහකෝන් මහතා ඇතුළු කණ්ඩායමක් සහ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් එම ගම්මාන වල රැඳී සිටිමින් අවහිර වූ ජල මාර්ග පවිත්‍ර සුද්ද කිරීම් සිදු කෙරිණි.

මිහිර විජේසේකර මාරවිල සමූහ

නව අදහස දක්වන්න