රට රකින නායකයන් වෙනුවෙන් ඡන්දය දෙන්න | දිනමිණ

රට රකින නායකයන් වෙනුවෙන් ඡන්දය දෙන්න

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගත් පියවර නැවත පිටුපසට නොගන්නා ලෙසටත්, රට දියුණු කරන , රටට ආදරේ කරන , රට ආරක්ෂා කරන නායකයන් වෙනුවෙන් ඡන්දය භාවිතා කරන ලෙස ඉල්ලා සිටින බවත් පැවිදි හඩ සංවිධානයේ ජාතික සංවිධායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ නාරහේන්පිට අභයාරාමයේ දී ඊයේ (13) පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එහිදී උන්වහන්සේ තවදුරටත් මෙසේ ද පැවසූ හ.

මේ රට සම්බන්ධව මේ රටේ ජනතාවට ප්‍රශ්නක් වී තිබුණා.ඒ තමයි මේ රට කෑලි කැඩීමේ ව්‍යාපාරක නිරත වෙලා හිටියා. අලුත් ව්‍යවස්ථාවක් ගෙන එමින් ස්වෛරීභාවය විනාශ කිරීමේ වැඩපිළිවෙළක නිරතව හිටියා. ඒවගේම යුධ හමුදාවේ රණවිරුවන් සිරගත කිරීමේ කුමන්ත්‍රණයක නියැලී සිටියා. සිරගත කළා , රට වෙනුවෙන් හඩ නඟන ස්වාමීන් වහන්සේලා සිරගත කිරීම සහ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමේ කුමන්ත්‍රණයක් ද තිබුණා . ඒ ආණ්ඩුව සභ්‍යත්වය , සංසකෘතිය , ආගම , සදාචාරය , විනාශ කළා. රනිල් මහතාගේ ආණ්ඩුව ගෙදර යැවීමට බරපතළ වුවමනාවක් රටේ ජනතාවට තිබුණා. ඒ බලාපොරොත්තුව ඉටු කළ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා.

චන්දිමා කරුණාරත්න, අමෝදා ජයමහ

නව අදහස දක්වන්න