මන්ත්‍රීවරු පාර්ලිමේන්තු එයි | දිනමිණ

මන්ත්‍රීවරු පාර්ලිමේන්තු එයි

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීම සඳහා මේ වන විට මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වෙත පැමිණෙමින් සිටින බව වාර්තාවේ.
 
මේ අතර ඊයේ(13) නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය සඳහන් කළේ අද(14) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන බවට මන්ත්‍රීවරුන් සියලු දෙනාට කතානායක කරු ජයසූරිය මහතා දැනුම් දුන් බවය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2018 නොවැම්බර් මස 04 වන දින නිකුත් කරන ලද  අංක 2095/50 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව පාර්ලිමේන්තුව අද රැස්වන බව කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
 
ඒ අනුව අද පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දුන් බව කතානායක කාර්යාලය සඳහන් කළේය.

නව අදහස දක්වන්න