ස්පයිඩර් මෑන් නිර්මාතෘ මියයයි | දිනමිණ

ස්පයිඩර් මෑන් නිර්මාතෘ මියයයි

අමෙරිකානු ලේඛකයකු මෙන්ම මාර්වල් කොමික්ස්හි හිටපු සභාපති ස්ටැන් ලී මිය ගියේය. මිය යන විට 95 වැනි වියේ පසු වූ ඔහු 1961 වසරේ දී මාර්වල් කොමික්ස් හරහා ද ෆැන්ටාස්ටික් ෆෝ නිර්මාණය කළ අතර අනතුරුව ස්පයිඩර් මෑන් සහ ඉන්ක්‍රෙඩිබල් හල්ක් වැනි සුප්‍රකට චරිත බිහි කළේය. මාර්වල් කොමික්ස් නිර්මාණ අතර බ්ලැක් පැන්තර්, සිල්වර් සර්ෆර්, ද එක්ස් මෙන්, අයන් මෑන් සහ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ද වේ.

විකට කතා කෘති රචකයකු ද වූ ස්ටැන් ලී ලෝස් ඇන්ජලීස් හි වෛද්‍ය මධ්‍යස්ථානයක දී මිය ගිය බව පවුලේ නීතිඥවරයා තහවුරු කළේය.

 

නව අදහස දක්වන්න