කජු මිල පිළිබඳව උද්ගතව ඇති ගැටලුව විසඳා ගැනීම සඳහා කජු මිල දී ගැනීමට හමුදාව යෙදවීමට ටැන්සානියානු බලධාරීන් පියවර ගෙන තිබේ. රජයේ අනුමත මිල ගණන් යටතේ කජු මිල දී ගැනීම සඳහා ජනාධිපති ජෝන් මගුෆුලි කාල සීමාවක් නියම කර ඇත.
පෞද්ගලික වෙළෙඳුන් අඩු මිලට සිය අස්වැන්න ලබා ගන්නා බව කියමින් ගොවීන් විසින් කජු අලෙවිය සතියක් පුරා නවතා දමා ඇති අතර ටැන්සානියාවේ ප්‍රධාන අපනයන බෝගයක් වන කජු ව්‍යාපාරය කඩා වැටීම වළක්වා ගැනීමට ජනාධිපතිවරයා වහා මැදිහත් විය.
වාර්තා වන අන්දමට කජු කිලෝ ග්‍රෑමයක් ඩොලර් 1.3කට අලෙවි කිරීම ගොවීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. දකුණු ටිවාරා කලාපයේ ගොවීන්ගෙන් ඩොලර් 1.43කට කජු කිලෝව මිලට ගන්නා ලෙස ටැන්සානියානු මහජන ආරක්ෂක හමුදා අණ දී තිබේ. ජනාධිපතිවරයා පවසන්නේ ගොවීන්ට සාධාරණ මිලක් මෙන්ම අපනයන ආදායම ආරක්ෂා කර ගැනීමට ද මෙහිදී අවධානය යොමු කළ යුතු බවයි.
නව අදහස දක්වන්න