කැලිෆෝනියා ලැව්ගිනි තත්ත්වය පාලනයට පියවර | දිනමිණ

කැලිෆෝනියා ලැව්ගිනි තත්ත්වය පාලනයට පියවර

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගිනි තත්ත්වය තරමක් දුරට පාලනය කර තිබේ.
 
උතුරු කැලිෆෝනියාවේ සියයට තිහක කොටසක තත්ත්වය පාලනය කිරීමට ගිනි නිවන අංශ සමත්වී ඇත. තත්ත්වය පාලනය කළ ප්‍රදේශයේ අක්කර එක්ලක්ෂ විසිපන්දහසක් පමණ ලැව්ගිනි හේතුවෙන් විනාශවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
 
තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීමට මෙම මාසය තුළ නොහැකිවනු ඇති බව ගිනි නිවීමේ අංශ සදහන් කරයි.
 
අතුරුදන් පිරිස සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. 
 
ඊයේ (13) වනවිට ලැව්ගිනි හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූවන් සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් තිබුණි.
 

නව අදහස දක්වන්න