මහින්දගේ කථාවෙන් පසු ගුටිබැට හුවමාරුවක් | දිනමිණ

මහින්දගේ කථාවෙන් පසු ගුටිබැට හුවමාරුවක්

පාර්ලිමේන්තුවේ මේ වන විට දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇත.
 
අද(15) දිනයේ ආරම්භයේදී කථානායක කරු ජයසූරිය මහතා කියාසිටියේ ඊයේ දිනයේදී විශ්වාසභංග යෝජනාවක් සම්මතවීම හමුවේ අද දිනයේදී පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයෙකු / ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙකු හෝ සභානායකවරයෙකු තමන් පිළිනොගන්නා බවයි.
 
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පමණක් මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශයක් කිරීමට තමන් අවස්ථාව ලබාදෙන බවද ජයසූරිය මහතා පැවසීය.
 
මහින්ද රාජපක්ෂ මහතා අනතුරුව ප්‍රකාශයක් සිදුකල අතර ජනාධිපතිවරයා විසින් තමන් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට බලපෑ හේතු ඔහු එහිදී පැහැදිලි කරන ලදි.
 
එමෙන්ම අද රාත්‍රියේ සිට ඉන්ධන මිළ නැවත වරක් අඩු කරන බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
 
මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රකාශය අවසන්වීමත් සමග ඒ කෙරෙහි සභාවේ විශ්වාසයක් නොමැති බව දක්වමින් ඡන්ද විමසීමක් සිදුකල යුතු බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලීමක් කර සිටියේය.
 
ඔහු ඉල්ලා සිටියේ මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසිය යුතු බවයි.
 
එහිදී කථානායකවරයා ඒ සම්බන්ධයෙන් සභාවේ මතය විමසීමත් සමග සභාවේ දැඩි නොසන්සුන්තාවයක් හටගත් අතර මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් දක්වා එය වර්ධනය විය.

නව අදහස දක්වන්න