මට 122ක බලයක් තියෙනවා | දිනමිණ

මට 122ක බලයක් තියෙනවා

ස්වර්ණා විජේකෝන්,රෝෂන් තුෂාර, සුභාෂිණි සේනානායක

පාර්ලිමේන්තුව තුළ එකසිය දහතුනක නොව එකසිය විසිදෙකක බලයක් තමන්ට ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ පාර්ලිමේන්තුවේදි පැවසීය.

ඊයේ දින පාර්ලිමේන්තුවේදි ජනතා වරම තහවුරු කළ බවත්,දැනට ක්‍රියාත්මක ඇමතිවරුන්ට හෝ කාඩ්බෝඩ් කැබිනට් මණ්ඩලයට කිසිම බලයක් නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා එහිදි පැවසීය.

ඊයේ පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රි කණ්ඩායම පාර්ලිමේන්තුවේ පැවැත්වු මාධ්‍ය සාකච්ජාවට සහභාගි වෙමින් වික්‍රමසිංහ මහතා එසේ පැවසීය. දේමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධන් මහතා .මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකිම් මහතා,සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක රිෂාඩ් බදුර්දින් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා රාජිත සේනාරත්න , පාඨලි චම්පික රණවක,ආණ්ඩු පක්ෂයට ගොස් වැවිලි කර්මාන්ත ඇමැති ධුරය බාරගත් වඩුවෙල් සුරේෂ් මහතා,මනුෂ නානායක්කාර මහතා ඇතුළු එජාපයේ ප්‍රබල සාමාජිකයින් රැසක් මෙම මාධ්‍ය සාකච්ජාවට සහභාගි වු අතර සෙසු එජාප මැති ඇමතිවරු මාධ්‍ය සාකච්ජාව පැවැත්වු කමිටු ශාලාවේ රැස්ව සිටියහ. රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය සාකච්ජාව අවසානයේ අංක එක(1) සදහන් පත්‍රිකාවක් පෙන්වමින් සමුහ ජායාරුපයකටද සෙසු පක්ෂ නායකයින් සමඟ පෙනි සිටියහ.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා

අද 42 වගන්තිය යටතේ යෝජනාවක් ඉදිරිපත් කර ආණ්ඩුවට පාර්ලිමේන්තු බහුතරය නොමැති බවට කිවුවා.ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ගැසට් නිවේදන තුනක් නීති විරෝධි බව ප්‍රකාශ කළා. අගමැතිවරයා ඉවත් කිරිම, අගමැතිවරයකු පත් කිරිම නීති විරෝධි කියලා ඹප්පු කළා. පාර්ලිමේන්තුව ජනතාවගේ වරම තහවුරු කරමින් මෙම ඇමති මණ්ඩලයට බලයක් නොමැති බවට ප්‍රකාශ කළා මම රජයේ නිලධාරින්ට හා පොලිසියට මතක් කරන්නේ පුරුදු පරිදි වැඩ කටයුතු කරන්න කියලා. අධිකරණය මගින් පෙරේදා නිකුත්කළ නියෝගයත් සමඟ පාර්ලිමේන්තුව තුල මේ තත්වය උදාවුනා.ස්ථාවර නියෝග ඉවත් කරමින්පාර්ලිමේන්තුව කටයුතු කරන්න යෝජනා වුනා අනුර කුමාර මහතා ඉදිරිපත් කළ විශ්වාශ ්‍භංගයට කටහඩින් ජන්දය විමසන්න වුනා ඒ අනුව බහුකරය පක්ෂයි කිවුවා.

අපට පක්ෂව 122ක් ඉන්නවා කතානායක වරයාට යොජනාවක් බාරදිලයි තියෙන්නේ.

මේ ක්‍රියාවලිය වරප්‍රසාද වලට විරුද්ධ නම් ඒක වැරදියි කියලා කියනවනම් හෙට පාර්ලිමෙන්තුව රැස්වෙනවා වෙන යෝජනාවක් සම්මත කරගන්න පුළුවන්, එහෙම නැත්තම් මේ යෝජනාව පිලිගන්න. යෝජනාව සම්මත කරගන්න බහුතරය මතය ප්‍රකාශ කළා. අපට පක්ෂව ජන්දය දුන්න අයට ‍ස්තුතියි.

මෙම මාධ්‍ය සාකච්ජාවේදි ආර් සම්බන්දන්,රවෆ් හකිම්,මනුෂ නානනායක්කාර ,වඩුවෙල් සුරේෂ්,මනෝ ගනේෂණ් ,පියසේන ගමගේ,රිෂාඩ් බදුර්ධින් මහත්වරුද අදහස් දැක්වුහ.


නව අදහස දක්වන්න