අපේ රට පෙරට ගෙන යාම ජනපති සතුයි | දිනමිණ

අපේ රට පෙරට ගෙන යාම ජනපති සතුයි

උපාලි කරුණාරත්න

අපේ රට පෙරට ගෙන යාම ජනපති සතුයි. ව්‍යවස්ථාවට අනුව ඉදිරි කටයුතු සිදු කරන ලෙස ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. රට පාලනය කිරීමේදී අඩුපාඩු සිදු වුවහොත් අපට විවිධාකාරයෙන් ක්‍රියා කිරීමට සිදුවෙනවා. අද දිනයේ විශාල ජනතාවක් කොළඹට පැමිණෙනවා.

රටේ නීතිය නියමිත පීල්ට වැටී තිබෙන මේ මොහොතේ එය නිසි පීල්ලේ රැගෙන යාම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වගකීම බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ පැවසූහ.

උන් වහන්සේ එසේ ප්‍රකාශ කළේ, ඊයේ(14) සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කොළඹ රාජගිරියේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දඹර අමිල හිමි-

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සමන් රත්නප්‍රිය මහතා-

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැටලුව සම්බන්ධයෙන් අධිකරණය ක්‍රියා කළ ආකාරය පිළිබඳව හිස නමා ආචාර කරනවා. සමහරු සිතන්නෙ මේ රටේ ජනතාව මෝඩයො කියා.

රටක නීතියක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබෙන බව මෙහිදී පුරවැසි බලය සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා පැවසීය. මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙහිදී ප්‍රකාශ කළේ, බලය ගෞරවනීය ලෙස භුක්ති විදිය යුතු බවයි. මාදුළුවාවේ සෝභිත නාහිමි ගිය මඟ ගමන් කළයුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නීතිඥ රවි ජයවර්ධන මහතා පැවසීය.

නව අදහස දක්වන්න