ගංවතුරෙන් මියගිය අලි සිවු දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ | දිනමිණ

ගංවතුරෙන් මියගිය අලි සිවු දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ

මඩකලපුව සමුහ - එල්. ජව්ෆර්කාන්

මඩකලපුව කිරාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ පුනානෛ සාලම්බන් සෙනෙයි ප්‍රදේශයේ ගංවතුරෙන් යට වුණු අලින් සිවු දෙනෙකුගේ සිරුරු ඇළක තිබුණු බව ප්‍රාදේශීය වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසති.

පසුගිය සතියේ ඇද හැලුණු වර්ෂාව නිසා ඇති වූ ගංවතුරට යටවී මියගිය බව ප්‍රදේශවාසීහු පැවසූහ.

අලි රංචුවක් ඉහත සඳහන් ප්‍රදේශයේ ඇති ඇළෙන් ගොඩවී පුනාන වාහරේ කිරුමිච්චයි, ආලන්කුලම් යන ග්‍රාමයන්වලට යාම පුරුද්ද්ක් වී තිබුණි.

ගංවතුර ඇතිවූ අවස්ථාවේ අලින් ඇළෙන් ගොඩ වී එගොඩට යනවිට ගංවතුරට යටවී මිය ගිය යන්නට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.යි

සිරුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන මෙන් වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රදේශවාසීහු ඉල්ලා සියහ.

නව අදහස දක්වන්න