දියණියගේ පොලු පහරින් පියා එලොව යයි | දිනමිණ

දියණියගේ පොලු පහරින් පියා එලොව යයි

සමරුගම, අවිස්සාවෙල්ල ප්‍රදේශයේ නිවසකදී දියණියක් විසින් කම පියාට පොල්ලකින් පහර දී ඝාතනයක් සිදු කර ඇත. 
 
ඊයේ(14) රාත්‍රී 09.50ට පමණ මෙම සිද්ධිය වාර්තා වී ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පැවසීය.
 
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 54ක පුද්ගලයෙකි. ඔහුගේ සිරුර අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
 
පියා සමඟ ඇතිවූ බහන්බස් වීමක් දුරදිග යාමෙන් ඇති වූ ආරවුලක් මත දියණිය විසින් මෙලෙස පොල්ලකින් පහරදී ඇති බවට අනාවරණය වී තිබේ. 
 
සැකකාර දියණිය අත්අඩංගුවට ගෙන ඇති අතර අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ. 

නව අදහස දක්වන්න