ඉන්ටෙක්ස් සවුත් ඒෂියා ගෝලීය නිමි ඇඳුම් සහ රෙදි­පිළි වෙළෙඳ ප්‍රද­ර්ශ­නය | දිනමිණ

ඉන්ටෙක්ස් සවුත් ඒෂියා ගෝලීය නිමි ඇඳුම් සහ රෙදි­පිළි වෙළෙඳ ප්‍රද­ර්ශ­නය

ලොව පුරා සිටින රෙදිපිළි සහ නිමි ඇඳුම් නිශ්පාදකයින් ඉන්ටෙක්ස් සවුත් ඒෂියා නම් දකුණු ආසියාවේ පැවැත්වෙන දැවැන්ත ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේදි හමුවෙති. 2017 වසරේදී පැවැත්වූ ඉන්ටෙක්ස් සවුත් ඒෂියා ප්‍රදර්ශනය ලැබූ සාර්ථකත්වය නිසා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී (BMICH) 2018 නොවැම්බර් මස 14 සිට 16 දින දක්වා රෙදිපිළි සන්නාම, මිලදී ගන්නන්, අලෙවි කාර්යාල, නිමි ඇඳුම් නිපදවන්නන්, මෝස්තරකරුවන් සහ ලේබල් සහ කර්මාන්ත විශේෂඥයන් සමග පැවැත්වෙන ප්‍රදර්ශනයේ වැඩි ඉඩකඩක් ලබාගැනීමට සමත් වී ඇත.

ට්වින් සෙට් (ඉතාලිය), ඕආර්එන් ඉන්ටනැෂනල් (එක්සත් රාජධානිය), මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සර් (බන්ග්ලා දේශය), හාර්ප් ටෙක්ස්ටයිල් (එක්සත් අරාබි එමීර් රාජ්‍යය), අස්මරා ඇපරල්ස් (ඉන්දියාව), වීඅයිපී ක්ලෝතිං (ඉන්දියාව), ට්‍රිගර් ජීංස් (ඉන්දියාව), අර්වින්ද් ලයිප්ස්ටයිල් බ්‍රෑන්ඩ් (ඉන්දියාව), හර්මා (හොංකොං), ක්‍රිස් ගාමන්ට්ස් ඇන්ඩ් වෙයර් ( නයිජීරියා), ෆූ හ්සුන්ෆයිබර් ඉනඩස්ට්‍රීස් (තායිවාන්) සහ හුන් තින්ෆු (වියට්නාමය) වැනි රටවල් සහ කලාප 15 කින් සමාගම් 200 ක රෙදි පිළි ව්‍යවසායකයන් සහ නිශ්පාදකයන් බොහෝ සංඛ්‍යාවක් ආකර්ෂණය කරගනිමින් 2018 දී ඉන්ටෙක්ස් සවුත් ඒෂියා 4 වන මුද්‍රණය සම්පූර්ණ වෙළඳ ප්‍රදර්ශනයක් සහ ව්‍යාපාර තොරතුරු ලබාගැනිමේ සමුළුවක් බවට පත්වී නවීනතම කපු රෙදි, නිමි ඇඳුම් රෙදි, ඩෙනිම් රෙදි, ඇඳුම් මැසීමට ගන්නා උපාංග සහ ආශ්‍රිත සේවා එකම ස්ථානයකදී ලබාගැනීමට අවස්ථාව සලසයි.

මෙම වසරේදී, FIEO (ෆෙඩරේෂන් ඔෆ් ඉන්දියන් එක්ස්පෝර්ට් ඕගනයිසේෂන්) මගින් සංවිධානය කරන ලද ඉන්දියා පැවිලියන් සහ තායිවාන් ‍ටෙක්ස්ටයිල් ෆෙඩරේෂන් (TTF) මගින් සංවිධානය කරන ලද තායිවාන් පැවිලියන් ඇතුලුව රටවලට විශේෂිත වූ මණ්ඩප මෙවර දැකගත හැකිවේ. ඒවා මගින් නවීන සහ ක්‍රීඩා සහ මලල ක්‍රීඩා ක්ෂේත්‍ර සඳහා පරිසර හිතකාමී රෙදිපිළි ප්‍රදර්ශනය කෙරේ. සහභාගි වන සමාගම් මගින් ඔවුන්ගේ රෙදිපිළි අංශයේ නව සංවර්ධනයන් සහ දකුණු ආසියාවේ සහ වෙනත් ජාත්‍යන්තර වෙළඳපලවල දැනට සිටින සහ අපේක්ෂිත ගනුදෙනුකරුවන් සමග මෙහිදී සම්බන්ධ වනු ඇත.

‘අන්තර් ක්‍රියාකාරී ව්‍යාපාර වෙිදිකාවක්’ලබාදෙමින් ‘මැරිනෝ වූල් - ස්වාභාවික කපු පුලුන් ’ සම්බන්ධයෙන් වූල් වර්ක් කම්පනි සහ ‘ව්‍යාපාර සඳහා ඉදිරි කාර්යන් ඉටුකිරීම - තිරසාර ක්‍රමය’ සම්බන්ධයෙන් බෙටර් කොට්න් ඉනිෂියේටිව් (BCI) මගින් ඉන්ටෙක්ස් සවුත් ඒෂියා අලෙවි තොරතුරු සපයමින් සම්මන්ත්‍රණ මෙහිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය , අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ශ්‍රී ලංකා වානිජ කර්මාන්ත සංසදය(FCCISL), ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය(NCCSL), ඒකාබද්ධ නිමි ඇඳුම් සංගම් සංසදය (JAAF), ඉන්දියන් අපනයන සංවිධායකයින්ගේ සංසදය(FIEO), තායිවාන් ටෙක්ස්ටයිල් ෆෙඩරේෂන් (TTF), බංගලාදේශයේ අපනයන ප්‍රවර්ධන කාර්යාංශය (EPB), මැලේසියාවේ නිටිං මැනුෆැක්චරර්ස් ඇසෝසියේෂන් (MKMA), රෙදිපිළි වෙළඳ කණ්ඩායම (TEXMAS) සහ ආසියාවේ අනෙකුත් ප්‍රධාන පෙළේ රෙදිපිළි කර්මාන්තයන්‍ගේ සහතිකය සහ උපකාරය සමග මෙය සංවිධානය කරනු ලැබේ.

මෙම අද්විතිය ඉන්ටෙක්ස් සවුත් ඒෂියා 2018 ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන මෙන් ඔබටත් ආරාධනා කරමු. වැඩි දුර විස්තර http://www.intexfair.com/ වෙබ් අඩවිය මගින් ලබාගත හැක.


නව අදහස දක්වන්න