“ඔඩෙල් රෙට්රෝ ග්ලෑම්” නත්තලේ අණ­සක පතු­රයි | දිනමිණ

“ඔඩෙල් රෙට්රෝ ග්ලෑම්” නත්තලේ අණ­සක පතු­රයි

ප්‍රීතිමත් දවස් නැවතත් පැමිණ තිබේ. බැබලෙන, දීප්තිමත් නියෝන් එළියෙන් දිලිසෙන ටැසල් සහ සීකුවින්ස් වලින් හැඩ වු ආකර්ශණීය විලාසිතාවන් නැවතත් පැමිණ තිබේ. එළඹෙන උත්සව සමයට ඔඩෙල් මේ සියල්ල ඔබ වෙත ගෙන එන්නේ අතිවිශිෂ්ට වු නිර්මාණයන්ටත් වඩා ඉහළිනි.

“සෑම වසරකම ඔඩෙල් උත්සව සමයේ විලාසිතා තම පාරිභෝගිකයන්ට ගෙන එන්නේ ඔවුන් බලාපොරොත්තු වනවාටත් වඩා අතිශය ආකර්ශණීය සහ අලංකාර වු නිමාවකින් වේ. අපගේ සෑම නිර්මාණයක්ම සියල්ලට වඩා ඉදිරියෙන් සිටිනවා” සොෆ්ට්ලොජික් අලෙවි සමූහ අධ්‍යකෂ ඩෙසරී කරුණාරත්න මහත්මිය පවසයි. එමෙන්ම එය මෙම උත්සව සමයේ ඔඩෙල් තැබු තවත් ඉදිරි පියවරක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.

ලොව සිදුවන සෑම සිදුවීමකම රටාවක් තිබේ. අප අළුත් යැයි සිතන කිසිදු දෙයක් අළුත් නොවේ. එය අතීතයේ නිර්මාණය වු දෙයහි, ප්‍රතිනිර්මාණයක් වේ. ඇත්තටම සියල්ල චක්‍රාකාර රටාවකට සිදු වේ. එම රටාව අනුව යමින් මෙම උත්සව සමයේ ඔඩෙල් ඔබ වෙත නේත්‍රාකාර්ශණීය, සුන්දර, පැරණි, සරළ සුකෝපභෝගී විලාසිතා රැසක් ගෙන එයි. ඔඩෙල් පාරිභෝගකයන්ටි සිත්සේ තෝරාගත හැකි 60, 70 සහ 80 දශකයේ දීප්තිමත් විලාසිතාවන්ගෙන් සමන්විත එකතුවක් ගෙන එන අතර පැරණි සහ නූතන යන දෙපාර්ශවයේම විලාසිතාවන්ගෙන් මෙවර ඔඩෙල් උත්සවය සමය වර්ණවත් වෙයි.

විලාසිතා ලොව දැවැන්තයින් වන මාර්නි, ජියාජියෝ අර්මානි, මාර්ක් ජේකබ්ස්, හසන් හෙසජි සහ මොෂිනෝ යන නිර්මාණයන්ගෙන් මෙවර “ඔඩෙල් රෙට්රෝ ගලෑම්” එකතුව සමන්විත වෙයි. එය බැබලෙන, දීප්තිමත් ලෙස මෙවර නත්තල සැමරීමට ඔබට උදව් වේ. එමෙන්ම එය ඔබව සුන්දර අතීතයකට ගෙනයනු ඇත.


නව අදහස දක්වන්න