චෝබෙ ජාතික වනෝද්‍යානයේ අපූරු දසුන් | දිනමිණ

චෝබෙ ජාතික වනෝද්‍යානයේ අපූරු දසුන්

බොට්ස්වානාහි උතුරු ප්‍රදේශයේ පිහිටි චෝබෙ ජාතික වනෝද්‍යානය විශාල අලි ඇතුන් ගහනයක් සහිත වනෝද්‍යාන අතරින් ප්‍රමුඛස්ථානය ගනී. වර්ග කිලෝ මීටර් 11,700 ක් පුරා විහිදුණු චෝබෙ උද්‍යානය සුප්‍රකට චෝබෙ ගඟ විශාල සංඛ්‍යාවක් වන වන ජීවින් සඳහා ජල මූලාශ්‍රය වේ.

මෙහි දී අලි ඇතුන් සහ මී හරකුන්ට අමතරව සීබ්‍රා, ඉම්පාලා, බැබූන්, ජිරාෆ් රංචු විශාල සංඛ්‍යාවක් දැකිය හැකි අතර සිංහයින් සහ තිත් සහිත හයිනාවන් ද බහුලය. චෝබෙ හා ලින්යන්ටි ගංඟා ආශ්‍රිතව හිපපොටේමසුන් හා කිඹුලන් විශාල ලෙස දැක ගත හැකිය. චීටා, කොටි මෙන්ම අති දුර්ලභ ගණයේ සිව්පාවුන් මෙන්ම කුරුළු වර්ග 450 කට අධික සංඛ්‍යාවක් මෙහි වේ.

 

නව අදහස දක්වන්න