බස්නාහිර 11 ශ්‍රේණියේ බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රය පිට වෙලා | දිනමිණ

බස්නාහිර 11 ශ්‍රේණියේ බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රය පිට වෙලා

කොටදෙනියාව සමූහ එම්.පී. කුමාර

බස්නාහිර පළාතේ පාසල් සිසුන් වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික පරීක්ෂණයේ 11 ශ්‍රේණියේ බුද්ධ ධර්මය විභාග ප‍්‍රශ්න පත‍්‍රය පිටවීමේ සිද්ධියක් පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය කියයි. ඊයේ (15) මිනුවන්ගොඩ නාලන්දා පිරිමි විදුහලේ සිසුන් අත තිබී හමුවූ පිළිතුරු පත‍්‍රයක් ගුරුවරුන් විසින් කලාප අධ්‍යාපන කාර්යාලයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ පරීක්ෂණය ආරම්භ කර ඇත.

බුද්ධ ධර්මය හා කාණ්ඩ විෂයයක් සම්බන්ධයෙන් ඊයේ විභාගයට නියමිතව තිබී ඇති අතර විභාගය ආරම්භ වීමට පෙර සිසුවකු අත තිබී මේ උත්තර පත‍්‍රය හමුවී ඇත. ප‍්‍රශ්න පත‍්‍ර සකස් කර ඇත්තේ බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලය මඟින් වන අතර බුද්ධ ධර්මය ප‍්‍රශ්න පත‍්‍රය සිසුන් අතර බෙදා හැරීමට පෙර මේ ආකාරයෙන් පිළිතුරු පත‍්‍රය සිසුන් අතට පත්වූයේ කෙසේදැයි සොයා බැලීමට බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලයට දන්වා අවශ්‍ය පියවර ගෙන ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී මීනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් කුමාර මල්ලවආරච්චි මහතා කීය.

පිළිතුරු පත‍්‍රය සිසුන් අතට පත්වී ඇත්තේ කැලණිය ප‍්‍රදෙශයේ පාසලකින් බවට තොරතුරු හෙළි වී ඇතැයි මේ සම්බන්ධනේ කළ විමසමේ දී බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.

නව අදහස දක්වන්න