2019 ආර්ථික වර්ධනය 4.5%ක් දක්වා ඉහළට | දිනමිණ

2019 ආර්ථික වර්ධනය 4.5%ක් දක්වා ඉහළට

ජයසිරි මුණසිංහ

දේශීය හා විදේශීය සාධක රාශියක් හේතුවෙන් රටේ ආර්ථික වර්ධන වේගය අඩාල වුවත් ලබන වසරේ (2019) රටේ ආර්ථික වර්ධන වේගය සියයට 4.5ක් දක්වා ඉහළ යනු ඇතැයි විශ්වාස කරන බව මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේය.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය දා රැස් වී ඉතා ස්වාධීනව සිතා බලා ප්‍රතිපත්ති පොලී අනුපාත සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට පෙරේදා (14) එක් වෙමින් ඒ මහතා මේ බව කීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

මේ වසර නිමා වන විට (2018) සීයයට 4.5ක ආර්ථික වර්ධනයක් සිදු වෙතැයි ගණන් බලා තිබුණ ද එය වසර නිමා වන විට සියයට 3.6 දක්වා අඩු වෙනු ඇතැයි විශ්වාස කරනවා‍. රටේ මතු ව ඇති ද්‍රවශීලතා පැනයට විසඳුම් අපේක්ෂාවෙන් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය සියයට 7.5 සිට සියයට 6.00 දක්වා සියයට 1.5කින් අඩු කළ‍ා. මෙයින් රුපියල් මිලියන 90ක මුදලක් වහාම මුල්‍ය වෙ‍ළෙඳපොළට එක්වීමෙන් ද්‍රවශීලතා අර්බුදයට යම් සැනසිලිදායක විසඳුමක් ලැබෙනු ඇති.

මේ මාධ්‍ය හමුවට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ. ඩී. රණසිංහ, සහකාර අධිපති අශෝක හඳගම මහත්වරු ද, දෙපාර්තමේන්තු ප්‍රධානීහු ද එක්ව සිටියහ.

නව අදහස දක්වන්න