කෝටියකට වැඩි මත්කුඩු කඩුවෙලින් අල්ලයි | දිනමිණ

කෝටියකට වැඩි මත්කුඩු කඩුවෙලින් අල්ලයි

උපාලි කරුණාරත්න

කඩුවෙල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 125කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 57ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු ඔවුන් ගමන් ගත් මෝටර් රථයද සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ(15) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 36 සහ 37 වයස්වල පසුවන මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මේ සැකකරුවන් ඊයේ (15) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව තිබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

නව අදහස දක්වන්න