අද රෑ සිට ඉන්ධන මිල පහල යයි | දිනමිණ

අද රෑ සිට ඉන්ධන මිල පහල යයි

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරිමට රජය තීරණය කර තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ පැවසුවේ, සියලුම වර්ගයේ පෙට්‍රල් සහ සියලුම වර්ගයේ ඩීසල් මිල රුපියල් 05කින් අඩු කිරිමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව මේ දක්වා රුපියල් 145 කට අලෙවි කෙරුනු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 140ක් සහ රුපියල් 172 කට අලෙවි  වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 167ක් වනු ඇති.

ඔටෝ ඩිසල් ලිටරයක මිල රුපියල් 116යේ සිට රුපියල් 111 ක් දක්වා සහ සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 141 සිට රුපියල් 136 දක්වා පහත දමා තිබේ.

නව අදහස දක්වන්න