ආරක්ෂක ගිවිසුමකට ඉන්දියාව හා අමෙරිකාව අතර සාකච්ඡා | දිනමිණ

ආරක්ෂක ගිවිසුමකට ඉන්දියාව හා අමෙරිකාව අතර සාකච්ඡා

ආරක්ෂක ගිවිසුමක් සඳහා ඉන්දියාව හා අමෙරිකාව අතර සාකච්ඡා ආරම්භ වී අතර එහිදී වෙළෙඳ ගනුදෙනු සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.මේ සාකච්ඡාව සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි හා අමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් ඒ සඳහා එක්ව සිටි බව වාර්තා වේ.

මෙහිදී ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීම හා ඉන්දීය පැසිපික් කලාපයේ නිදහස් වෙළෙඳ වැඩසටහන් පිළිබඳව දෙරටේ අදහස් හුවමාරු වූ බව සඳහන්ය. එය කලාපීය වශයෙන් මතුව ඇති අර්බුදවලට විසඳුම් සෙවීම අරමුණ කොට සිදු කෙරිණි. නව වැඩසටහන් මගින් දෙරටේ සහයෝගීතාව තවදුරටත් වර්ධනය වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.


නව අදහස දක්වන්න