තේ බොන්න බැරි දවසක් එයි | දිනමිණ

තේ බොන්න බැරි දවසක් එයි

තේ කර්මාන්තය පිළිබඳව කඩිනමින් දේශපාලනඥයින්ගේ අවධානය යොමු විය යුතුය. පෙනෙන්නට ඇති පරිදි තේ කර්මාන්තය පිළිබඳව රාජ්‍ය අංශයේ අවධානය බෙහෙවින් අඩු වී ඇත. තේ මණ්ඩලයේ රුපියල් බිලියන ගණනක මුදලක් ඇති බව පැවසේ. එතරම් මුදලක් තේ මණ්ඩලයේ තිබියදීත් තේ කර්මාන්තය මෙතරම් කඩා වැටීමට ලක්වන්නට හේතුව කුමක්ද යන්න වහා විමසිය යුතුය. තේ කර්මාන්තයට සහනයක් දෙන්නේ නම් මේ හොඳම අවස්ථාව මෙයය.

ඈත අතීතයේ සිට අපේ රටේ ප්‍රධාන අපනයන වගාවන් ලෙස පළමු තැන සිටි තේ, පොල්, රබර් එදා පටන්ම ශ්‍රී ලාංකික ආර්ථිකයට ලබා දුන් ශක්තිය අපමණය. විශේෂයෙන්ම මෙම වගාවන් මේ රටේ ජනතාවගෙන් සෑහෙන පිරිසකගේ ජීවනෝපාය මාර්ගය බවට පත් වූ බවද නොරහසකි. එතැනින්ද බොහෝ දෙනකුගේ ජීවනෝපාය සපයා දීමට තේ වගාව ඉවහල් විය. එලෙසින්ම ශ්‍රී ලාංකීය නම ජාත්‍යන්තරයට ගෙන යන්නටද තේ වගාව හේතු විය.

එවන් තත්වයක් තිබූ තේ කර්මාන්තය අද බරපතළ කඩා වැටීමකට ලක්ව ඇතැයි කීම බොරුවක් නොවේ. මීට වසර ගණනාවකට පෙර ලෝකයේ තේ නිෂ්පාදනයේ මුල් තැන . අද වන විට ශ්‍රී ලංකාව තේ නිෂ්පාදනයේ පස්වන ස්ථානයට පත්වි සිටියි. මෙසේ වන්නට හේතුව තේ නිෂ්පාදනයේ අඩුවීමයි.

අද ලෝකයේ වැඩියෙන්ම තේ නිෂ්පාදනය කරන රට ලෙස චීනය ඉදිරියට පැමිණ ඇත. තේ කර්මාන්තය ශ්‍රී ලංකාව පසුකර කෙන්යාව, දකුණු ඉන්දියාව, වියට්නාමය වැනි රටවල් පෙරට පැමිණ තිබේ. මේ කරුණු දෙස බලන විට ලංකාවේ තේ කර්මාන්තය දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති බව පැහැදිලිය. දැඩි උනන්දුවකින් තේ කර්මාන්තයේ යෙදී සිටි ප්‍රදේශ ඉන් බැහැරවීම හොඳම නිදසුනකි.

ලංකාවේ ජනගහණයෙන් ලක්ෂ 40ක් පමණ සෘජුව හා වක්‍රව තේ කර්මාන්තයෙන් ජීවත් වෙති. ලංකාවේ තේ වගාවෙන් විශාල පරිසක් කුඩා තේ වතු හිමියන්ය. එය 72%ක් පමණ යැයි කීම කියැවේ. ශ්‍රී ලංකාවේ දුප්පත් ජනතාව, මධ්‍යම පාන්තික ජනතාව එම කුඩා තේ වතුවල සේවය කරමින් ජීවත් වෙති. එමෙන්ම තේ කර්මාන්ත ශාලාවල සේවය කරමින් දෛනික වැටුප් ලබමින් හා එම කර්මාන්ත ශාලාවලට දලු සපයන්නට විවිධ අයුරින් කටයුතු කරමින් ජීවත්වන ජනතාවක් තේ කර්මාන්තයේ යෙදී සිටිති. මේ දිනවල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති ඩොලරයේ අගයට සාපේක්ෂව අපනයන ආදායම ද වැඩිවිය යුතු වුවත් තේ කර්මාන්තයේ එවන් තත්වයක් දක්නට නොමැත. දැන් දැන් පෙනෙන්නට ඇත්තේ තේ කර්මාන්තයේ අර්බුදයක් ඇති බවයි. මේ වන විට තේ කර්මාන්ත ශාලා 25කට ආසන්න ප්‍රමාණයක් වැසී යන්නට හේතු වී ඇත්තේද තේ කර්මාන්තයේ කඩා වැටීමය. එසේ නම් තේ කර්මාන්තය පිළිබඳව කඩිනමින් දේශපාලනඥයින්ගේ අවධානය යොමු විය යුතුය. පෙනෙන්නට ඇති පරිදි තේ කර්මාන්තය පිළිබඳව රාජ්‍ය අංශයේ අවධානය බෙහෙවින් අඩු වී ඇත. තේ මණ්ඩලයේ රුපියල් බිලියන ගණනක මුදලක් ඇති බව පැවසේ. එතරම් මුදලක් තේ මණ්ඩලයේ තිබියදීත් තේ කර්මාන්තය මෙතරම් කඩා වැටීමට ලක්වන්නට හේතුව කුමක්ද යන්න වහා විමසිය යුතුය. තේ කර්මාන්තයට සහනයක් දීමද දෙන්නේ නම් මේ හොඳම අවස්ථාව මෙයය.

ලෝකයේ විවිධ මත ගැටුම් අපේ තේ කර්මාන්තයේ පහත වැටීමට හේතුව එනම් ශ්‍රී ලංකා තේ මිලදී ගන්නා රටවලට නොයෙක් බාධක නිසා ශ්‍රී ලංකාවෙන් තේ ගන්නා එවන් රටවල් අපේ තේ ගැනීමට ඉදිරිපත් නොවේද? එසේ නම් ඒ වෙනුවට වෙනත් රටවල් සොයා ගැනීමට අප කටයුතු කළ යුතුය. මේ සම්බන්ධයෙන් තේ මණ්ඩලය සහ ආණ්ඩුව කොතෙක් අවධානය යොමු කර තිබේද? තේ කර්මාන්තයට පැනවී තිබුණු 2.5%ක ආර්ථික සේවා බද්ද එක්වරම දෙගුණයක් වීම. තේ කර්මාන්ත කරුවනට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවද පැහැදිලිය. මේවාද තේ කර්මාන්තයේ කඩා වැටීමට හේතු වී ඇත. පවතින ගැටලුවත් සමග තේ කර්මාන්තය හොඳින් පවත්වා ගෙන යාමේ ගැටලුවට මුහුණ දීමට තේ කර්මාන්තකරුවන් අපොහොසත් වී ඇත. එහි ප්‍රතිඵලය කර්මාන්තකරුවන්ට සිදු වී ඇත.

ශ්‍රී ලාංකීය තේ නාමයට කැලැල්වන තේවලට සීනි මිශ්‍ර කිරීම වැනි විවිධ උපාය මාර්ග ගැනීමට පටන් ගත්හ. මෙසේ සීනි මිශ්‍ර කිරීමේ අරමුණ තේ බරින් වැඩි වීම හා කළු පැහැය ඇති කිරීමයි. මේ අරමුණු සඳහා තවත් නොයෙකුත් දේ මිශ්‍ර කරන්නේ පාඩු ලැබීමෙන් මිදීමටය. මේ අනුව බලන විට අවංකව තේ නිෂ්පාදනය කරන්නට තරගයට මුහුණ දීමට නොහැකි බවක් දැනෙයි. අනෙක් කරුණ නම් අපේ රටේ ගුණවත් තේ නිෂ්පාදනය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බව පැහැදිලි වේ . එබැවින් තේ කර්මාන්තයේ තවත් අර්බුධ නිර්මාණය කරන මෙකී කරුණු සම්බන්ධයෙන් ප්‍රමාණයක් නොව වැඩි අවධානයක් යොමු කළ යුතුය.

ශ්‍රී ලංකා තේ නාමය පළුදු කිරීමට තේවලට විවිධ දේ එක්කරමින් විවිධ වූ කූට උපක්‍රම යොදා ගනිමින් පාඩු මකා ගන්නට කටයුතු කරන කර්මාන්ත ශාලා වැටලීම පසුගිය කාලයේ සිදුකෙරුණු අතර ඒවා සියගණනකට අධිකවය. තේ මණ්ඩලය මේ කාර්යයට නීත්‍යානුකූල ආයතනද එක්කරගනිමින් කටයුතු කළ අතර වැරදි කර හසුවූ කර්මාන්ත ශාලාවල නිශ්පාදනයද නතර කිරීමට පියවර ගත් බවද සඳහන් කළ යුතුය. එහෙත් කණගාටුව නම් මාස කීපයකට පසුව එම කර්මාන්ශාලා නැවත කටයුතු ආරම්භ කිරීමයි.

රස පරීක්ෂකවරුන් සම්බන්ධ කරගනිමින් කරන පරීක්ෂණ වාර්ථා පැමිණීමත් සමග නැවත එවන් කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය පටන් ගන්නේ වෙනත් වෙනත් ගනුදෙනු හරහාද යන සැකයද ඇතැම්හු මතු කරති.

මෙම නඩු අධිකරණය වෙත ගෙන යාමක්ද සිදුවන්නේ නැත. එසේ කරන කර්මාන්ශාලාවල නිශ්පාදන ක්‍රීයාවලිය අත්හිටවිය යුතුය. නැතහොත් තේ කර්මන්තය බලවත් අර්බුධයකට මුහුණ පෑම වැළැක්විය නොහැකිය. තේ නිශ්පාදන ක්‍රියාවලියේදී අලෙවි ආදායමෙන් 68%ක් තේ දලු නිශ්පාදකයිනට එනම් වතු හිමියන්ට ගෙවිය 68%ක් වතු හිමියන්ට ගෙවූ විට කර්මාන්ත ශාලා හිමියන්ට ඉතිරි වන්නේ 32%කි.

මේ 32%න් බදු, කම්කරු වැටුප්, විදුලි බිල, තෙල් බිල ගෙවු කල කර්මාන්තශාලා හිමියන්ට ප්‍රශ්න රැසකි. දිනෙන් දින වැඩිවන බදු කම්කරු වැටුප්, විදුලි බිල, ඉන්ධන මිල බලන විට 32%න් කර්මාන්තශාලා පවත්වාගෙනයාම ඉතා අපහසු කාර්යකි තේ කර්මාන්තය කඩා වැටීමට සහ තේ කර්මාන්තශාලා වැසී යාමට එයද තවත් එක් හේතුවකි.

රාජපක්ෂ ආණ්ඩු කාලයේ මෙවන් ගැටලුවක් මතුවූ විට වහා මුදල් අමාත්‍යාංශය ඇතුළු අදාළ අමාත්‍යාංශ පිළියම් යෙදුහ. තේ කිලෝවක මිල පහළ මට්ටමකට බැසීමේදී අදාළ අංශ කැදවා සාකච්ඡා කර රජය ඒ වෙනුවෙන් සහනාධාරයක් ලබා දීමට කටයුතු කළේය. 80 ඉක්මවා යන තෙක් සහනාධාරය ලබාදුන්නේය. පොහොර සහනාධාරයද ලබා දුන්නේය. ඉන් තේ කර්මාන්තයේ පිබිදීමක් ඇති විය. අර්බුදයක් හටගත් සෑම අවස්ථාවකදීම බැංකු සමග සාකච්ඡා කර ණය වෙනුවෙන් පොලිය පමණක් ගෙවා මාස ගණනක සහනා කාලයක් ලබා දුන්නේය. මෙලෙසින් තේ කර්මාන්තය පිළිබදව විශේෂ අවධානයක් යොමු කළ කාලයක් මෙන්ම රජයක්ද තිබූ නමුත් .පසුගිය කාලයකදී එවන් තත්වයක් දකින්නට නොලැබුනි.

ආණ්ඩුවේ වගකිව යුත්තන් තේ කර්මානත්යේ ගැටලුව පිළිබද නිසි අවධානයෙන් කටයුතු නොකළ හොත් අනාගතය බෙහෙවින් ඛේදජනක විය හැකිය. ශ්‍රී ලංකාවේ තේ වගාව වසර 150 ඉක්මවා ගිය එකකි. තවදුරට තේ කර්මාන්තය සමාගම්වලට ලබා දී තේ වතු නැවත වගා කල නොහැක. ඊට හේතු වන්නේ ඔවුන් තිබෙන දෙයින් ලාභ ලබනවා මිස තේ කර්මාන්තයේ පැවැත්මට නැතව වගාවකට යොමු වන්නේද නැත. අපේ තේ සමාගම්වලට ලබා දී ඇති වතු ඔවුන් නැවත වගාවට යොමු වන්නේ නැත්නම් ඔවුන්ගේ කාලය නිමා කළ යුතුය. නැතහොත් ඉඩම් කට්ටි කර තේ කර්මාන්තයට ආදරයෙන් කටයුතු කරන පිරිස් වෙත ලබාදිය යුතු ය. එවිට

එම පිරිස් නැවත වගාවට යොමු වනු ඇත. එසේ දෙන්නට අකමැති වතු සමාගම් ඇත්නම් ඔවුන් නැවත වගාවට යොමු කල යුතුය. නැතහොත් අනාගතයේදී සිලෝන් ටී නාමය නැති වී යන්නට ඉඩ තිබේ.

තේ වගාව මාස දෙක තුනකට වරක් පොහොර යෙදිය යුතුය. ඒ පිළිබදව නම් විශේෂයෙන් කුඩා වතු හිමියන්ට සැනසුම් සුසුමක් හෙළන්නට හැකි ආරංචි ලැබිණි. නැවතත් රුපියල් 1000කට පොහොර මල්ලක් ලබා දීමය. පසුගිය කාලයේ ප්‍රමිතියෙන් යුතු පොහොර මල්ලක් දෙනවා කියා තිබුණත් ප්‍රමිතියක් නැති මුහුදු වැලි බහුල පොහොර ලැබෙන බවට ගොවීන්ගෙන් චෝදනා තිබිණි. රුපියන් 1000කට දෙන පොහොර මල්ලෙන් ප්‍රමිතිය පිළිබදවත් රජයේ අවධානයක් යොමු විය.

තේ මණ්ඩලය සතු බිලියන ගණනක මුදල තේ කර්මාන්තයේ ප්‍රවර්ධනයට බව නිලධාරීන්ගේ මතයයි. එසේ නම් තේ කර්මාන්තය දිනෙන් දින කඩා වැටීමකට ලක්වන්නේ කිමද? මේ මුදලින් තේ කර්මාන්තය අගාධයට වැටෙද්දී කළේ කුමක්ද? මුදල්ද තබාගෙන කර්මාන්තය යළි පණගන්නට යමක් නොකරන්නේ කර්මාන්තය විනාශ කිරීමටද? මේ වන විට ලෝකයේ රටවල් වැඩියෙන්ම මිලදී ගන්නේ පහතරට තේය. නමුත් පහතරට තේ නිශ්පාදනය සීග්‍ර පහත වැටීමකට ලක්ව ඇත. කුරුඳු රබර් පොල් ද මේ සෑම වගාවකම මිල සීග්‍ර ලෙස පහත වැටී ඇත.

මේ අනුව තේ වලට ස්ථාවර මිලක් ලබාදීමට කතා කලද එවැන්නක සාර්ථක ප්‍රථිපල ලැබුනාද යන්න ප්‍රශ්නයකි. නමුත් අතීතයේදී මෙවැනි අර්බුද කාරී තත්වයක් පැමිණී විටදී සහනාධාර ක්‍රම හරහා තේ කර්මාන්තය රැක ගැනීමට කටයුතු කෙරිණි.

දලු අඩුවීමත් සමග තේ කර්මාන්තය රැක ගැනීමට කටයුතු කෙරේ දලු අඩු වීමත් සමග තේ කර්මාන්තකරුවන්ට විවිධ බලපෑම් එල්ලවන්නට පටන්ගෙන ඇත. විශේෂයෙන්ම තේ කර්මාන්ත කරුවනට ණය දී ඇති මූල්‍ය ආයතන පීඩන එල්ල කරන බව පැහැදිලිය. තැරැව්කාර සමාගම් තේ කර්මාන්තශාලා හිමියන්ට යම් යම් සහන ලබාදෙමින් සිටියද පසුගිය කාලයේ ඒවාද ඉන් ඉවත් වී ඇත. එමෙන්ම තේ කර්මාන්තය ක්‍රමයෙන් අපගෙන් ඈත්වී යන බවක් ද පෙනෙන්නට ඇත. එනම් බහුලව වතු සමාගම් ව්‍යාප්ත කරන කටුපොල් වගාව තේ කර්මාන්තය පහත වැටීමට හේතුවක් වී ඇත. කුරුදු වගාව ව්‍යාප්ත කිරීමද තවත් කරුණකි. මේලෙස බලන විට තේ කර්මාන්තශාලාවේ අනාගතය කුමන ඉරණමකට මුහුණ පාන්නට සිදුවේද? පසුගිය රජය අවධානය තේ කර්මාන්තය කෙරෙයි යොමු නොවීමෙන් අර්බුදය තවතවත් උඝ්‍ර වූ අතර ලක්ෂ 40 ක පමණ ජනතාවගේ ජීවෝනෝපාය උපාය මාර්ගය ශක්තිමත් කරන්නට පවතින රජයේ මැදිහත් වීමද පැහැදිලි කරුණකි.

සුනිල් ගමගේ
අක්මීමන විශේෂ

නව අදහස දක්වන්න