විශ්වාසභංගය සම්මතයි | දිනමිණ

විශ්වාසභංගය සම්මතයි

අනුර කුමාර දිසානායක මහතා විසින් නොවැම්බර් මස 14 වන දින ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ඊයේ (16) දින පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බව කතානායක කරු ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා යවා ඇත.

එම විශ්වාසභංග යෝජනාවට සහය පළ කරමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 122 දෙනකු අත්සන් තබන ලද ලේඛනය ද ඒ සමඟ ජනාධිපතිවරයා වෙත යැවූ බව කතානායක මාධ්‍ය ඒකකය සඳහන් කරයි. ඒ අනුව නොවැම්බර් මස 14 වැනි දින ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවේ අංක 02 දරන යෝජනාව මෙසේ සම්මත වී ඇති බව කතානායකවරයා දැනුම් දී තිබේ.

නව අදහස දක්වන්න