දේශපාලනඥයන්ගේ මූලික වගකීම රට සංවර්ධනය කිරීමයි | දිනමිණ

දේශපාලනඥයන්ගේ මූලික වගකීම රට සංවර්ධනය කිරීමයි

ජයසිරි මුණසිංහ

රටක දේශපාලනඥයන්ගේ මූලික වගකීම වන්නේ රටේ ආර්ථික සංවර්ධනය හා සමාජ සුබසාධනය ඉහළ නංවා රට සංවර්ධනය කිරීමයි. එම ඉලක්ක වෙත අපට ළඟාවීමට නොහැකිවුවහොත් සිදුවන්නේ රට විශාල පසුබෑමකට ලක්වන බව හිටපු කැල්ටෙක්ස් ප්‍රධාන විධායක නිලධාරි අමෙරිකානු වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති කිෂූ ගෝමස් මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ මේ වනවිට සිදුවන කලහකාරී තත්ත්වයෙන් රට අස්ථාවරවී ඇති බවත් මෙම තත්ත්වය සියලු දේශපාලන පක්ෂ එක්වී වහාම විසඳාගෙන දෙවනුව මහා මැතිවරණයකට යායුතු බව ගෝමස් මහතා සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා රටට හිතකර පාලනයක් ඇතිකර ගැනීමේ පරම අයිතිය ඇත්තේ රටේ ජනතාවට බවත්, දැන් කළ යුත්තේ වහාම උද්ගතව ඇති කනගාටුදායක තත්ත්වය පාලනයකර මහ මැතිවරණයකට යායුතු බවත් එසේ නොවුවහොත් රටේ ආර්ථිකය පිරිහී රට විශාල පසුබෑමකට ලක්වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නව අදහස දක්වන්න