‘Rang dey' සාර්ථකව නිමයි | දිනමිණ

‘Rang dey' සාර්ථකව නිමයි

ලියෝ දිස්ත්‍රික් 301 C1 මගින් පිහිටුවන ලද කොළඹ විශ්වවිද්‍යාලීය ලියෝ සමාජය මගින් තෙවන වරටත් පවත්වන ලද Rang dey 2018 හෝලි උත්සවය අතිශය සාර්ථක අයුරින් පසුගිය දා පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. Rang dey හෝලි උත්සවය මහජන සම්බන්ධතා හා ප්‍රචාරණය යටතේ වර්ගීකරණය වන අතර මෙහි ප්‍රධාන අරමුණ කොළඹ විශ්වවිද්‍යාලීය ලියෝ සමාජයේ ප්‍රතිරූපය වර්ධනය කිරීමත් සමඟම එහි සාමාජිකයන් අතර මෙන්ම අනෙකුත් ලියෝ සමාජවල සාමාජිකයන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම වේ. 2018/19 ලියෝ වර්ෂය සඳහා මහජන සම්බන්ධතා හා ප්‍රචාරණය යටතේ දියත් කරන ලද ප්‍රථම ව්‍යාපෘතිය වන මෙය හුදෙක් විනෝදය සඳහා අරමුණු කර නොගත් අතර මෙමඟින් එකතු වන ලද සියලු අරමුදල් කොළඹ විශ්වවිද්‍යාලීය ලියෝ සමාජය මගින් දියත් කරනු ලබන ආරෝග්‍යා ව්‍යාපෘතියට බැර කිරීමට නියමිතය.

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය සංස්කෘතියෙන් මිදී පවත්වන ලද මේ හෝලි උත්සවය නව වර්ණාත්මක අත්දැකීමක් ලබා ගැනීමට සැමට අවස්ථාවක් ලබා දුන් අතරම එය වර්තමාන තරුණ පරපුර ජයග්‍රාහී ලෙස ආකර්ෂණය කර ගැනීමට සමත්වීමේ ප්‍රතිඵලයක් ලෙස සාමාජික හා සාමාජික නොවන 500 ක පිරිසකගේ සහභාගිත්වය එදින මනාව කැපී පෙනුනි.

නව අදහස දක්වන්න