හේමාස් රෝහල් ජාලය වසරේ විශිෂ්ට සාමාජිකයන් අගයයි | දිනමිණ

හේමාස් රෝහල් ජාලය වසරේ විශිෂ්ට සාමාජිකයන් අගයයි

අන්තර්ජාතික ACHSI ප‍්‍රමිති සහතිකලාභී හේමාස් රෝහල් ජාලය සිය වාර්ෂික කාර්යමණ්ඩල ඇගයීම් සම්මාන උළෙල පසුගිය දා Good to Greatතේමාව යටතේ පවත්වන ලදී. තලවතුගොඩ ග‍්‍රෑන්ඞ් මොනාර්ක් හෝටලයේ පැවැති මේ සුවිශේෂී අවස්ථා සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හේමාස් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් එන්ඩර්බි මහතා සහභාගී විය. මේ අවස්ථාව සඳහා ගෞරවනීය අමුත්තා වශයෙන් හේමාස් රෝහල් ජාලයේ සභාපති මුර්ටාසා එසුෆ්අලි මහතා සහභාගි වූයේය. හේමාස් රෝහල් සමූහයේ සාර්ථකත්වය උදෙසා 2017/18 මූල්‍ය වර්ෂයේදී විශිෂ්ට දායකත්වයක් ලබා දුන් කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම අගය කිරීම මේ සම්මාන උළෙලෙහි පරමාර්ථය විය.

”2017/18 මූල්‍ය වර්ෂයේ හේමාස් රෝහල් ජාලයට ඉතාමත් වැදගත් කාලසීමාවක් වුණා. විශේෂයෙන්ම අපගේ සායනික හා තාක්ෂණික අංශයන් මෙන්ම ප‍්‍රතිකර්ම සත්කාරයන්හිද විශිෂ්ට දියුණුවක් ඇතිවනවා අපි දැක්කා. අප සතුව සිටින්නේ වෘත්තීමය හැකියාවන් අතින් ඉතා ඉහළින් සිටින කාර්යමණ්ඩලයක්. ඔවුන්ගේ කැපවීම අපට ඉදිරියට යාමට තිබෙන ප‍්‍රධානම ශක්තියයි. අද අපි ඇගයීමට ලක්කරන්නේ ඔවුන් හේමාස් රෝහල් ජාලය වෙත ලබා දෙන ඒ අද්විතීය සහයෝගයයි.‘ යනුවෙන් අදහස් දක්වා සිටියේ හේමාස් රෝහල් ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ලකිත් පීරිස් මහතාය.

නව අදහස දක්වන්න