අයහපත් කාලගුණයෙන් සෞදියේ 30ක් මියගිහින් | දිනමිණ

අයහපත් කාලගුණයෙන් සෞදියේ 30ක් මියගිහින්

සෞදියට බල පා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙක් මියගොස් සෞදියට බල පා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙක් මියගොස් ඇති බව සෞදි සිවිල් ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කරයි.සෞදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ජෙඩා වැසියන්ට සති අන්තයේ දී නිවෙස් තුළට වී සිටින ලෙසයි.

මක්කම නගරයේ දස දෙනෙක්ද, අල්-බහා නගරයේ පස් දෙනෙක්ද , අසීර් නගරයේ සහ නැඟෙනහිර පළාතේ තිදෙනෙක්ද , හේල්, ජාසන්, ටබුක් නගරවල දෙදෙනෙක්ද , රියාද්, අල්-ජවුෆ් සහ නජ්රාන් නගරවල එක් පුද්ගලයෙක් බැගින් ජීවිතක්ෂයට පත් වී ඇත. අවතැන් වී සිටි පුද්ගලයන් 3,865 දෙනෙක් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට සෞදි ආරක්ෂක අංශ සමත් වී ඇත.

 

නව අදහස දක්වන්න