තග්ස් ඔෆ් හින්දුස්ථාන් | දිනමිණ

තග්ස් ඔෆ් හින්දුස්ථාන්

බොලිවුඩය දියත් කළ අලුත්ම ටයිටැනික් නෞකාව නොවැම්බර් 8 වැනි දින සිට තිරගත වන තග්ස් ඔෆ් හින්දුස්ථාන්ය.

පරිපූර්ණ සුපිරි ඛාන් අමීර් ඛාන්ගේත් මෙගා තරුව අමිතාබ් බච්චන්ගේත් ප්‍රථම රංගන සුසංයෝගය, අති දැවැන්ත වියදමක් දරා නිපදවූ මේ ක්‍රියාදාම වීර වෘත්න්තය නොවැම්බර් 8 වැනි දින සිට තිරගත වන අතර එය බොලිවුඩය දිග් විජය කරනු ඇතැයි ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් අපේක්ෂා කළහ. ඉන්දියානු රුපියල් කෝටි 300ක් තරම් විශාල වියදමක් දරා නිපදවූ සිනමා පටය ලොව පුරා දර්ශන හත් දහසකින් රසිකයන්ට නැරඹීමේ වාසනාව උදාවිය.

 මින් පෙර කිසිදු බොලිවුඩ් සිනමා පටයක් එතරම් දර්ශන වාර ගණනක් තිරගත වී නැත. එමෙන්ම තිරගතවූ පළමු සහ දෙවැනි දිනයන්හිදී වැඩිම ආදායමක් ලද සිනමා පටය බවට ද එය වාර්තා පොතට එක්වී අවසානය. එහෙත් දිනෙන් දින සිනමා පටයේ ජනප්‍රියතාව ගිලිහෙමින් පවතී. විචාරකයන්ගේ මනාපය සිනමා පටයට රංගනෙයන් දායකවූවන්ට අඩුවක් නැතිව හිමිවී ඇතත් කතාව ගලාගෙන යන අන්දම ගැන එතරම් මනාපයක් හිමිවී නැත.

යාෂ් රාජ් සිනමා සමාගමේ නිෂ්පාදනයක් වන මේ දැවැන්ත නිර්මාණයට මුල පිරුණේ 2016 වසෙර්දීය. මුලින් අමීර් ඛාන්ගේ චරිතයට (ෆිරන්ගි) රිතික් රොෂාන් තෝරාගෙන තිබුණ ද පසුව අමීර් ඛාන් , අම්තා බච්චන් (කුඩාබාක්ෂ් ) සමඟ රැඟීමට තෝරා ගෙන ඇත.

රිතික් පිටපතේ යම් යම් වෙනස් කම් කළ යුතු බවට යෝජනා කළේය. නිෂ්පාදක ආදිත්‍ය චොප්රා ඊට එකඟවී තිබේ. එසේ තිබියදී අධ්‍යක්ෂ විජේ කිෂ්ණා ආචාර්ය අමීර් ඛාන් වෙත ද ගොස් ප්‍රධාන චරිතයට ආරාධනා කර ඇති අතර පිටපතේ කිසිදු වෙනස් කමක් නැතිව රඟපෑමට ඔහු එකඟවී ඇත. එහෙත් පසුව ඛාන් ද තිර පිටපතේ වෙනස්කම් සිදුකර තිබේ. චරිතයට ගැළෙපන ලෙස ඔහු රැවුළ වැවීමට පටන් ගත්තේය. අබරණ පැලඳීමට ස්ථිරවම කන් සහ නාසය විද ගන්නා ලදී.

අමීර්ට ලැබුණේ ඔහු විසින් මෙතෙක් රඟපා නැති චරිතයකි. මුදලට මව වුවද විකුණන ඒ චරිතය ඔහුගේ දාංගල් සිනමා චරිතයට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. ෆාතිමා සානා රඟන සෆිරා චරිතයට මුලින් ශ්‍රද්ධා කපූර් තෝරා ගෙන තිබුණ ද පසුව අමීර් ඛාන්ගේ යෝජනාවකට අනුව ෆාතිමා තෝරා ගන්නා ලදී. කත්‍රිනා කායිෆ් රඟන්නේ සුරෙයියා නම් නාට්‍යාංගනාවකගේ චරිතයයි.

බච්චන් අමීර් රංග විලාසයන්ෙගන් හැඩ ගැන්වෙන සිනමා පටයට පාදක වී ඇත්තේ 1839 මුලින් රචිත නව කතාවක් වූ ‘කන්ෆෙෂන් ඔෆ් තග්‘ බවට රාවයක් පැතිර ගියත් සැබෑවටම එයට පාදක වුණේ ඉතිහාසගත කරුණුය. මෙයට පයිරේට් ඔෆ් ද කැරීබියන් , ඉන්දියානා ජෝන්ස් ආභාෂය ලැබී ඇති බවට පැතිර ගිය රාවය පසුව ප්‍රතික්ෂේප කෙරිණි.

තග් ඔෆ් හින්දුස්ථාන් පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 42 ද ඉක්මවීය. බොලිවුඩයේ වැඩිම වියදමක් දරා නිපදවූ සිනමා පටය බවට පත්වෙමින් රූ ගත කිරීම් ඇරැඹිණි. මෝල්ටාවේදී රූ ගත කිරීම් ඇරැඹුණ අතර යෝධ නැව් දෙකක් ඉඳි කෙරිණි. නැව සෑදීමට මිනිසුන් දහසකගේ ශ්‍රමය වැයවූ අතර එක් නැවක් කිලෝග්‍රෑම් දෙලක්ෂයක් බර විය. රූ ගත කිරීම්වලදී වඩාත් කටුක අත්දැකීම් ලැබුවේ බච්චන්ය.

හැත්තෑ හය හැවිරිදි ඔහුට කඩු සටන් පුහුණු වීමට සිදුවූ අතර ඔහු පෙනී සිටින දර්ශන වැඩි පුරම රූ ගත කෙරුණේ වැසි සහිත පරිසරයේය. රූ ගතකිරීමකදී ඔහුගේ ඉල ඇට කූඩුවේ පිපිරීමක් ඇති වුවද ඉක්මනින් රූ ගත කිරීම් කළයුතු වූ නිසා විවේකයක් හෝ නොගෙන ඔහු නර්තන දර්ශනවල පවා යෙදුණේය.

මෙරන්ගාත්වල රූ ගත කිරීම් සිදු කිරීමේදී ද බච්චන් රෝගීවූ අතර ඔහුට පැලඳීමට සිදුවූ සන්නාහකයත් අබරණවල බරත් නිසා ගෙලේ සහ කොන්දේ වේදනා ඇති විය. හැත්තෑව අසූව දශකයන්හිදී රංගනෙය් දී ඇතිවූ තුවාල යළි පෑරීමෙන් මේ තත්ත්වය උද්ගතවී ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ. තායිලන්තෙය් තට්ටු විස්සත් තිහක් උස ගල් ගුහාවේදී කළ රූ ගත කිරීමේදී බච්චන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති විය. පසුව ඔහුට ඉහළ නැඟීම පහසු කිරීම සඳහා පලංචියක් බැඳ ඇත. සිනමා පටයේ රහස් වරින් වර අන්තර්ජාලයෙන් හෙළි වීම නිසා දැඩි ආරක්ෂාවක් සැලසීමටද සිනමා කණ්ඩායමට සිදුවිය.

1795 තරම් ඈත කාලවකවානුවක කතාවක් තිරයේ යථාර්ථයක් කිරීමට ඇඳුම් ආයිත්තම් , සටන් ජවනිකා යුගයට ගැළෙපන ලෙස කිරීමට සිනමා කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරා ඇත. හින්දුස්ථානය හෙවත් හින්දොස්ථානය නම් ඉන්දියානු උප මහද්වීපයේ මීරා සිකන්දර් ජෝන් වම් රජුව ජෝන් ක්ලයිව් විසින් ඝාතනය කරන ලදී. ඒ සමඟ රාජධානිය සමූල ඝාතනය වූ අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් එය ආක්‍රමණය කරන ලදී.

හින්දොස්ථාන් රාජධානියේ ඉතිරිවූයේ රජුගේ දියණිය, සෆිරා බෙයිග්, ජෙනරල් කුඩාබාක්ෂ් පමණි. ජෙනරල් කුඩාබාක්ෂ් විසින් සෆිරා ඇතිදැඩි කරන ලද්දේ යුද පුහුණුව ලබා දෙමිනි. වසර ගණනකට පසුව කුඩාබාක්ෂ් මැර කල්ලියේ නායකයා ( ජාන්සි ) බවට පත්වෙයි. මුහුදු සටන් කලාවේ නිපුණයකු වන ඔහු බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා සමාගමට අභියෝගී චරිතයක් බවට පත්වෙයි. මේ ගැන දැනගත් ජෝන් ක්ලයිව් වහාම ක්‍රියාත්මක වෙයි.

ෆිරන්ගි මාලාහ් අබරණ සොරකමේ යන කිසිදු වැදගත්කමක් නැති චරිතයකි. බ්‍රිතාන්‍යයන් විසින් ජාන්සි යටත් කර ගැනීමට මෙවලමක් කරගන්නේ ඔහුය. ජාන්සි ඉදිරියේ ෆිරන්ගි පෙනී සිටින්නේ සරණාගතයකු විලසිනි. මේ හමුවීම කොල්ලකරුවන්ගේත් ෆිරන්ගිගේත් සෆිරාගේත් ඉරණම කෙසේ වෙනස් කරාවිද? තග්ස් ඔෆ් හින්දොස්ථාන් අවසානය සුඛාන්තයකි. දැන් ගැටලුව වී ඇත්තේ සිනමා පටයට සුබ අනාගතයක් ප්‍රේක්ෂකයන් විසින් හිමි කර දේවිද යන්නය. කෙසේ වුව ද එය මේ වන විට වාර්තා පිහිටවූ සිනමා පටයක්වී නම් අවසානය.

චම්පිකා දීපානි රණ­සිංහ

නව අදහස දක්වන්න