සර්ව පාක්ෂික හමුවට සහභාගී වන්නේ නැහැ | දිනමිණ

සර්ව පාක්ෂික හමුවට සහභාගී වන්නේ නැහැ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙන සර්ව පාක්ෂික හමුවට සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් අද පස්වරු 05.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයි විසින් මෙම හමුව කැඳවා ඇත්තේ පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇතිවූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණිනි.


නව අදහස දක්වන්න