P.L.C සාර්ථකත්වයේ ඉදිරියටම | දිනමිණ

P.L.C සාර්ථකත්වයේ ඉදිරියටම

රටේ පවත්නා වත්මන් ආර්ථික තත්ත්වය අභිබවා මූල්‍ය ක්‍ෂේත්‍රයේ අභියෝගයන්ට සාර්ථකව මුහුණදෙමින් මේ මූල්‍ය වර්ෂයේ දෙවන කාර්තුවෙහිදී ද ප්‍රශංසනීය ප්‍රගතියක් සනිටුහන් කිරීමට සමත් වූ ප්‍රයිම් ෆයිනෑන්ස් සමාගම, එම සාර්ථකත්වය තමන් සතු ඵලදායී දැනුවත්වීම, ධනාත්මක චින්තනය සහ ප්‍රායෝගික උපායශීලිත්වය අනුසාරයෙන් සඵල කරගත් බව පෙන්වා දෙයි.

වසරේ පළමුවන කාර්තු සමඟ සැසඳීමේදී 2018 සැප්තැම්බර් 30 වැනි දින අවසන් වූ දෙවන කාර්තුව සඳහා ප්‍රයිම් ෆයිනෑන්ස් 30%ක වර්ධනයක් සහ අර්ධ වර්ෂය සඳහා බදුවලට පෙර මිලියන 113 ක ලාභයක් වාර්තා කරයි. ඒ සමගම සමාගමේ ආදායමද 30%ක වර්ධනයක් පෙන්නුම් කරමින් මිලියන 300 කට ආසන්න ආදායමක් ද සනිටුහන් කරයි. උපායශීලි විමධ්‍යගත සේවා කළඹ තුළින් යොමුවූ සුරක්‍ෂිත දේපොළ උකස් ක්‍රියාදාමය සහ ඵලදායී පොලී විස්තීරණ හේතුවෙන් සමාගම සිය ශුද්ධ පොලී අන්තය 11% සීමාවක පවත්වා ගැනීමට හැකිවිය. මෙය මූල්‍ය ක්‍ෂේත්‍රයේ අපේක්‍ෂිත අගයට වඩා ඉහළ අගයකි.

ඉලක්කගත ප්‍රතිසාධන (focused recovery) උපාය මාර්ග සහ වත්කම්වල ප්‍රමිතිය තක්සේරු කිරීමේ දී යොදාගත් සූක්‍ෂම මිනුම් ක්‍රමවේද හේතුවෙන් සමාගමේ අක්‍රීය ණය කළඹ(non-performing loans)ක්‍රමාණුකූලව අවම කෙරුණු අතර එම අගය මේ ක්‍ෂේත්‍රයේ ප්‍රකාශිත අගයටද වඩා පහළ අගයක් බවට පත් කෙරිණි. මේ ක්‍රියාදාමය, සමාගමේ පවතින ප්‍රබල අවදානම් කළමනාකරන රාමුව තුළ සිදුකිරීම යහපත් ප්‍රතිඵල වාර්තා කිරීමට බලපාන ලදී.

සමාගම අනුගමනය කළ ආදායමට සමානුරූප වියදම් අනුපාතය (cost to income ratio) ප්‍රබල අභිවෘද්ධිය, සමස්ථයක් ලෙස ගත් විට සමාගමේ කාර්යක්‍ෂමතාව මැනවින් පිළිඹිබු කරයි.

මෑතකදී සිදුකළ හිමිකම් නිකුතුව ආධාරයෙන් සමාගම සිය ප්‍රාග්ධන අඩිතාලම තවත් රුපියල් මිලියන 864 කින් ශක්තිමත් කරගනිමින්, තම මූලික ප්‍රාග්ධනය මහබැංකුව විසින් නිර්දේශීත රුපියල් බිලියන 1 අභිබවමින්බිලියන 1.5 බවට පත්කර ගන්නා ලදී. මේ වර්ධනය වූ ප්‍රාග්ධනය හේතුවෙන් එළඹෙන අනාගතයේදී පෙරටත් වඩා ඵලදායී පෝෂක වර්ධනයකට යොමු වී සිය පාරිභෝගික භවතුන්ගේ දැඩි විශ්වාසය දිනා ගැනීමට හැකිවනු ඇතැයි සමාගම අපේක්‍ෂා කරයි. එළඹෙන වසර දෙක තුළදී මේ ප්‍රාග්ධන අඩිතාලම රු. මිලියන 2.5 දක්වා වර්ධනය කර ගනිමින් අතිසාර්ථක ප්‍රබලත්වයකට පත්වීමට සමාගම සැළසුම් සකසා අවසන්ය.

ජනතාවගේ පෞද්ගලික මූල්‍ය සේවා පහසුකම් රැසක් ඉඩකඩම් මිලට ගැනීම, නිවාස,වාහන හෝ ස්ථිර තැන්පතු යනාදිය මෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණ ක්‍ෂේත්‍රයේ මූල්‍ය අවශතා සඳහා ද සියල්ල එක්වහලක් යටින් යන තේමාවට උචිත අයුරින් ප්‍රයිම් ෆයිනෑන්ස් සමාගම සිය මූල්‍ය සේවා කළඹ ජනතාව වෙත මිත්‍රශීලී සහ ක්‍රියාශීලී ආකල්ප පෙරදැරිව පිරිනමයි.

සිය ප්‍රශංසනීය සාර්ථකත්වයේ තවත් නව මංසලකුණක් සනිටුහන් කරමින් ප්‍රයිම් ෆයිනෑන්ස් මෑතකදී සුප්‍රසිද්ධ( icra lanka pvt ltd) විසින්. ආයෝජන ශ්‍රේණිගත විශ්වාසනීත්වය (investment Grade credlt rating) සඳහා bbb-ස්ථාවර මූල්‍ය සමාගමක් ලෙස ප්‍රයිම් ෆයිනෑන්ස් ශ්‍රේණිගත කරන ලදී. මේ ශ්‍රේණිගත කිරීම, සමාගම විසින් මෑත කාලයේදී ක්‍රියාත්මක කරන ලද ප්‍රශංසනීය ව්‍යාපාරික මොඩලය හේතුවෙන් ලබාගත් විශිෂ්ට ප්‍රගතිය උදෙසා සිදුකෙරුණු පිළිගැනීමකි.

ප්‍රයිම් ෆයිනෑන්ස් සමාගමේ මෑත කාලීන ප්‍රගතියපිළිබඳ අදහස් දක්වමින් එහි ප්‍රධාන විධායක නිලධාරී රසික කළුආරච්චි මහතා වර්තමාන ව්‍යාපාරික වාතාවරණය ඉතාම අවිනිශ්චිත සහ සැනෙකින් වෙනස්වන සුළු ස්වභාවයක් සහිතය. එම නිසාම එය ආකූල ව්‍යාකූල ලක්‍ෂවලින් බහුලයි. ඒ නිසා, මෙවැනි වාතාවරණයක සාර්ථකව ක්‍රියාශීලීවීම වනාහි එම නිරන්තර වෙනස්වන සුළු මූල්‍ය පරිසරයේ සැනෙකින් මතුවී නැතිවී යන අවස්ථාවලට මනා දැක්මක් සහිතව සාර්ථකව පියවර තැබීමයි. අසීරු තරගකාරී ක්‍ෂේත්‍රයක සාර්ථකව පෙරමුණ ගැනීමේ සහ පෙරමුණේ රැඳී සිටීමේ රහස එය පමණයි. අපගේ ව්‍යාපාරික දැක්ම සහ ඊට ශක්තිය සපයන උපායමාර්ග ප්‍රබලයි. එතුළින් අපගේ ගෞරවනීය පාරිභෝගික භවතුන්ට ඵලදායී සහ උපරිම අගය ලබාදෙන මූල්‍යසේවා සමුදායක් නිරතුරුව පිරිනැමීමටඅපි සමත්. අපගේ ව්‍යාපාරික ගනුදෙනුකාර භවතුන්හට ද එහි ප්‍රතිලාභ එබැවින් හිමිවෙයි. විවිධ ව්‍යාපාරික උපායශීලි මෙහෙයුම් සහ ව්‍යූහගත දියුණු කිරීම්වල ප්‍රබල දායකත්වයෙන් සහ මිත්‍රශීලී සහ ක්‍රියාශීලී කාර්ය මණ්ඩලයක කැපවීම හේතුවෙන් සමාගම පැහැදිලි සාර්ථකත්ව ලබා තිබේ. එතුළින් අප අනාගතය දකින්නේ ඉතාම සුබවාදීව සහ ධනාත්මකවයි. අනාගතයද සාර්ථකව ජයගන්නා දැක්ම සහ උපායමාර්ග අප සතු බව අපගේ නිහතමානී විශ්වාසයයි පැවසීය.

ප්‍රයිම් ෆයිනෑන්ස් සමාගමේ ප්‍රබල ජීවය ප්‍රයිම් ව්‍යාපාර සමූහයයි. එය ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළ ක්‍ෂේත්‍රයේ විශාලතම ව්‍යාපාරික සම්පිණ්ඩනයයි. බී. ප්‍රේමලාල් මහතාගේ අතිදක්‍ෂ නායකත්වයෙන් මෙතුවක් 20 වසරක විශිෂ්ට සේවා සමුදායක් ශ්‍රී ලාංකීය ජනතාව වෙත ලබාදුන් ප්‍රයිම් ව්‍යාපාර සමූහය 2018 වසරේදී හොඳම නිශ්චල දේපළ සංවර්ධන සමාගම සම්මානයෙන් පිදුම් ලබන ලදී. තවද, ව්‍යාපාර සමූහයේ සභාපති බී. ප්‍රේමලාල් මහතා ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යාපාරකයන් 50 අතරට සුප්‍රසිද්ධ lmd ස ඟරාව විසින් තෝරාපත් කරන ලදී. ඊටඅමතරව 2018 ශ්‍රී ලංකාවේ සේවය කිරීමට සුදුසු විශිෂ්ටතම ආයතන 25 අතරද ගෞරවනීය ස්ථානයකට තෝරාපත් කර ඇති අතර ආසියාවේ විශිෂ්ටතම සන්නාම 100 තුළද ප්‍රශංසනීය ස්ථානයකට තෝරාපත් කර තිබේ.


නව අදහස දක්වන්න