සර්ව පාක්ෂික හමුවට එන්නේ නැහැ - කථානායක | දිනමිණ

සර්ව පාක්ෂික හමුවට එන්නේ නැහැ - කථානායක

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික හමුවට කථානායක කරූ ජයසුරිය සහභාගී නොවන බව කථානායක කාර්යාලය පවසයි.

මෙහිදී වැඩිදුරටත් කථානායක කාර්යාලය දැනුම් දුන්නේ, පක්ෂ නායක හමුවේදී ගනු ලබන තීරණ කථානායකවරයා වෙත දැනුම් දුන් පසුව ඒ අනුව කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ට අමතරව කථානායක කරූ ජයසුරියට ද ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වන ලෙස ආරාධනා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිකුත් කළ නිවේදනයේ දැක්විය.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුව අද සවස 05.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.


නව අදහස දක්වන්න