‘සිංහලයේ අපි’අපහසුතාවය ගැන කනගාටුව | දිනමිණ

‘සිංහලයේ අපි’අපහසුතාවය ගැන කනගාටුව

සිංහලයේ අපි ජාතික සංවිධානය ඇතුළු ජාතික සංවිධාන කිහිපයක නියෝජිතයන් පිරිසක් ඊයේ (19) පෙරවරුවේ සංදේශයක් භාරදීම සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේලාට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් සිදු වූ අපහසුතාවය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකවම සිය කනගාටුව පළ කරයි.

උන්වහන්සේලා ඊයේ දිනයේ දී ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන බවට දැනුවත් වී නොතිබූ අතර, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට උපදෙස් ලබාදුන් අයට එරෙහිව වහාම පරීක්ෂණයක් පැවැත්වීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. අනතුරුව අදාළ ස්වාමින් වහන්සේලා ඇතුළු පිරිස හමු වී සුහඳ කථා බහක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උන්වහන්සේලා විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අධිකරණ කටයුතුවලට අදාළව ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් සහිත ලිපිය ද බාරගත්තේය.

නව අදහස දක්වන්න