නීති විරෝධිව තේක්ක දැව ප්‍රවාහනය කළ සැකකරු දැලේ | දිනමිණ

නීති විරෝධිව තේක්ක දැව ප්‍රවාහනය කළ සැකකරු දැලේ

මිහිර විජේසේකර

බලපත්‍ර නොමැතිව නීති විරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබු ලක්ෂ පහක පමණ වටිනාකමකින් යුත් තෙක්ක දැව කදන් තොගයක් පුත්තලම මුලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින විසින් අත් අඩංගුවට ගැනීමට සමත් වේ. 18 වෙනි දින මෙම වැටලීම් සිදු කර ඇත.පුත්තලම කල් අඩිය ප්‍රදේශයේ දී පුත්තලම මුලස්ථාන පොලිසියට ලැබුන තොරතුරක් මත රථවාහන අංශ‍යේ නිළධාරින් විසින් ලොරි රථයක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට ගත් සැකකරු කල්අඩිය ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර ව ඔහු කලක සිට මෙම ජාවාරම පවත්වා ගෙන ගොස් තිබේ. අත් අඩංගුවට ගත් සැකකරු සමග ලොරි රථය හා තේක්ක දැව කදන් තොගය පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

නව අදහස දක්වන්න