මුදල් පසුම්බියක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට | දිනමිණ

මුදල් පසුම්බියක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

හලාවත නගරයේ තේපැන් ශාලාවක අමතකවී දමාගොස් තිබූ රුපියල් 1,48,000/-ක් අඩංගුව තිබූ මුදල් පසුම්බියක් සොරකම් කරගෙන ගොස් ඇතැයි කියන කාන්තාවක්,එසේ සොරකම් කරගෙන ගොස් ඇති මුදල් පසුම්බියත් සමගම අත්අඩංගුවට ගැනීමට හලාවත පොලිසියේ නිළධාරි කණ්ඩායමක් සමත්වී ඇත.හලාවත නගරයට නොදුරු වෙරළාසන්නයේ නවත්වා තිබූ වෑන්රථයක් තුල සිටියදී සොරකමට සම්බන්ධ මුදල් පසුම්බියත් සමග පොලිස් අත්අඩංගුවට ගනුලැබූ මෙම කාන්තාව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කාරියක් බව පොලිස් පරීක්ෂණවලදී හෙලිවී ඇත.උඩප්පුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් ඉකුත් දා දහවල් හලාවත නගරයේ තේපැන් ශාලාවකට ගොස් තේපානය කර ආපසු ගොස් ඇති බවත්,එම අවස්ථාවේ එම ව්‍යාපාරිකයා නොදැනුවත්ව ඔහු සතුව තිබූ මුදල් පසුම්බියක් තේ පානය කරමින් සිටි ස්ථානයේ වැටී ඇති නමුත් ඒ බවක් නොදත් ව්‍යාපාරිකයා තම වාහනයේ නැගී පිටත්ව ගොස් ඇති බවත්, එම අවස්ථාවේ සැකකාර කාන්තාවද තේ පානය කිරීම සඳහා එම තේපැන්සැල තුලට ඇතුල්වී ඇති අතර, එහිදී තේපැන් සැල තුල වැටී තිබුනු මුදල්පසුම්බිය දුටු ඇය එය අහුලාගෙන තම බෑගයේ දමාගෙන පිටත්ව ගොස් ඇති අයුරුත් වෙළඳසැලේ සී.සී.ටී.වී. කැමරාවල එම දර්ශණ සටහන්වී ඇති අයුරු දැක බලාගත් පොලිස් නිළධාරීන් වහා ක්‍රියාත්මකවී හලාවත නගරයට නොදුරු වෙරළාසන්නයේ නවත්වා තිබූ වෑන් රථයක සිටි කාන්තාව,ඇය භාරයේ තබාගෙන තිබූ ඉහත මුදල් පසුම්බියත් සමගම පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. එම මුදල් පසුම්බියත් සමග මෙසේ පොලිස් අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාව කුරුණෑගල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා තවත් පිරිසක් සමග වෑන්රථයකින් හලාවත ප්‍රදේශයට පැමිණ ඇති තැනැත්තියක් බවත්, ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ වැඩිදුර පොලිස් පරීක්ෂණවලදී හෙලිවි ඇත.සැකකාරිය හලාවත මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපති කිරීමට කටයුතු කර තිබූ අතර, හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පුත්තලම සමූහ හා මුන්නේශ්වරම සමූහ

නව අදහස දක්වන්න