පාර්ලිමේන්තු බහුතරය ඇතැයි ඔප්පු කිරීමක් ව්‍යවස්ථාවේ නෑ | දිනමිණ

පාර්ලිමේන්තු බහුතරය ඇතැයි ඔප්පු කිරීමක් ව්‍යවස්ථාවේ නෑ

අනුර ප්‍රේමලාල්

මෙරට පාර්ලිමේන්තුව ඉකුත් දිනවල යම් ආකාරයට හෑල්ලුවීමක් සිදුවුණා කියලා කව්රුත් කතා කළා. ඊට හේතුවුයේ කුමක්ද. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැති කැබිනට් මණ්ඩලය විසුරුවා අගමැති ඉවත් කිරීමෙන් පසු ඊළඟට ජනපතිට හැඟෙන පරදි පාර්ලිමේන්තුවේ වැඩි විශ්වාසයක් තියෙන අය ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කළා. එසේ පත්වු අගමැතිවරයා තමාට පාර්ලිමේන්තුවේ බහුතරය තියනෙවා කියලා ඔප්පු කළ යුතු යැයි ව්‍යවස්ථාවේ කොතැනකවත් නැහැ. එහෙත් එසේ පවසන අයට ක්‍රමවේදයක් තියෙනවා අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ වැඩි විශ්වාසයක් නැහැ කියලා බහුතරයකින් සම්මත කරලා කියන්න. රටේ සිදුවු දැවැන්තම වංචාව හා දූෂණය වු මහා බැංකු බැඳුම්කර මගඩියේ හවුල්කරුවන් අත් අඩංගුවට ගැනීමට ඉතා කඩිනමින් ක්‍රියාකළ යුතු බවත් ඇතිවි තිබෙන අස්ථාවර තත්ත්වයෙන් රට මුදවා ගැනීමට වහාම මහා මැතිවරණයක් පැවැත්විය යුතු බව ‘යුක්තියට හඬ සංවිධානය‘ අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් කොළඹ 07, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පැවැති මාධ්‍ය හමුවේදි අදහස් දැක්වු ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා...... යුක්තියට හඬක් සංවිධානයේ ප්‍රධානතම ඉල්ලීම මේ රටේ සිදුවු දැවැන්තම වංචාව හා දූෂණය වු මහා බැංකු බැඳුම්කර සිද්ධිය රටට හෙලි කිරීම සඳහා ඒ සම්බන්ධ පුද්ගලයින්පසු වහාම අත්අඩංගුවට ගන්න කියන ඉල්ලීමයි. පසු කාලයේ එල්.ටි.ටි.ඊ. සංවිධානයේ විදෙස්වල සිටි දැවැන්තයෝ අල්ලාගෙන මෙරටට ගෙන ඒමට මහින්ද රාජපක්ෂ හා රජයට පහසුවෙන් හැකිවුණා. ඒ නිසා අර්ජුන මහෙන්ද්‍රන්ව ලංකාවට ගෙන ඒම මහින්ද රාජපක්ෂ මහතා අභියෝගයක් නොවේ ඒ වෙනුවෙන් යුක්තියට හඬ නිරන්තරයෙන් බලපෑම් සිදුකරනවා.

පාර්ලිමේන්තුව කියන උත්තරීතර ආයතනයට තියෙනවා ස්ථාවර නියෝග ඒ ස්ථාවර නියෝග යටතේ තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. මෙහිදි එළි නොදැක්වුණු කරුණක් තියෙනවා. එනම් සැමදෙනාම කියනවා ස්ථාවර නියෝග 135 යටතේ කතානායකවරයාට ස්ථාවර නියෝග අත්හිටුවීමේ බලයක් තියෙනවා කියලා. සුමන්තිරම් මන්ත්‍රීවරයා එකපාරටම නිකම්ම නැගිටලා ස්ථාවර නියෝග අත්හිටුවන බව කිව්වාම කතානායකවරයා එය භාරගන්නවා. ස්ථාවර නියෝග 19 පිළිබඳ අවධානය යොමු කළ යුතුයි එහි අත්‍යාවශ්‍ය පොදුවැදගත්කමක් තියෙන කරුණක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයෙක් යෝජනාවක් ඉදිරිපත් කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් විභේදනයක් තියෙනවානම් ඡන්දයක් ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ස්ථාවර නියෝගවල පැහැදිලිව තිබෙනවා බෙදීමක් තියෙනවානම් සීනුව විනාඩි පහක් නාද කළ යුතුබව. මේ සියල්ල යටපත් කරලා කතානායකවරයා තමන්ගේ අභිමතය ඉටුකරගන්න එය ජයග්‍රහණය කරවන්න ක්‍රියාකරලා තියෙනවා පමණක් නොව තමන් නියෝජනය කරන තමන්ගේ කණ්ඩායම දිනවන්න මේ සියලු බලතල තමන්ගේ අතට ගන්න කටයුතු කරනවා නම් අත්තනෝමතිකව ක්‍රියාකරනවානම් අනෙක් පැත්තේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්ට වෙනත් විකල්පයක් නැහැ මේ කතානායකවරයාව බලයෙන්ම නවත්වනවා මිස. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඇතිවු අරාජික තත්ත්වයට කතානායවරයා වගකිව යුතුයි.

තමුන්නාන්සේලාට විවිධ කටයුතු කරද්දි බලපාන නීති රීති තියෙනවා. ඒ නීතිය කව්රු හරි බලහත් කාරයෙන් කඩනවානම් යටපත් කරනවානම් නොසළකා හරිනවානම් තමන්ගේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ සියලු කාරණා අභිබවා ක්‍රියාත්ම වෙන්න පුද්ගලික අයිතියක් තියෙනවා. ඒ නීසා මම නීතිඥවරයෙක් ලෙස වගකීමෙන් කියනවා පාර්ලිමේන්තුවේ ඇතිවු අවනීති හා අශීලාචාර තත්ත්වයට වගකිව යුත්තේ කතානායකවරයා කියාලා. කතානායකවරයාට තිබුණා ස්ථාවර නියෝග අනුව කටයුතු කරලා ඕනෑම මන්ත්‍රි යෝජනාවක් නිසිලෙස ගෙනැල්ලා න්‍යාය පුස්තකයට ඇතුළත් කරලා විධිමත්ව කටයුතු කරන්න. මේ හදිසිය කලබලය බලය වෙනුවෙන්ම පමණයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදි මහජනතාව රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එරෙහිව ඡන්දය දීලා හිඟි කළා ඔහුගේ ආණ්ඩුවට අකමැති බව. ඒ ජනතා අවශ්‍යතාවය ජනතාව විසින් ඉටු කළාම මේ කතානායකවරයාට ඒ ජනතා අභිලාෂය අත්තනෝමතිකව හෑල්ලු කරන්න කොහෙත්ම පුළුවන් කමක් නැහැ. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාව ලෙස සළකන මේ ස්ථාවර නියෝගවලට පිටින් කතානායකවරයා කටයුතු කරනවානම් එය නැවැත්වීමට පියවර ගන්න කටයුතු කරන මහජන නියෝජිතයින්ට මගේනම් ප්‍රණාමයක් තියෙනවා.

හිටපු සභානායක ලේකම් නීතිඥ සුමිත් විජේසිංහ මහතා........ පසුගියදිනවල රටතුල ඇතිවි තිබෙන තත්ත්වය අපි සියලු දෙනාටම යම් වැටහීමක් තියෙනවා කියලා සිතනවා. අද විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටීමක් තමයි අද මතුවෙලා තියෙන්නේ. විධායකය ගත් තීන්දු ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක නොකරන තත්ත්වය මතයි මේ අරාජික තත්ත්වය දිගින් දිගටම අර්බුදයක් දක්වා ගමන් කරමින් තියෙන්නේ. අපිට මෙය ප්‍රශ්නයක් ලෙස දිගටම ගෙනයන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලත් හිරවෙලා , ස්ථාවර නියෝගවල හිරවෙලා ගැටුමක් ලෙස දිගටම ගෙන යන්න පුළුවන්. අපි මේ අවස්ථාවේදි කල්පනා කරන්න ඕනේ විධායක හා ව්‍යවස්ථාදායකය අතර මෙම ගැටීම තවදුරටත් ව්‍යවස්ථාවේ හා ස්ථාවර නියෝගවල හිරවෙල තවතවත් ගැටි ගැටි තත්ත්වය තීව්‍ර කරනවාද රටට හිතවත් ආකාරයට සියලු දෙනා එක්වෙලා අතරමැදි විසඳුමකට යනවාද කියලා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුහැරීමේ ගැසට් එක තමයි මෙහි බීජ අවස්ථාව. ඊට පසු පාර්ශව ගණනාවක් අධිකරණයට ගියඑය සළකා බැලීම සඳහා දැන් අතුරුතහනම් නියෝගයක් ලබාදී තියෙනවා. මම නම් විශ්වාස කරන්නේ අධිකරණයෙන් තීන්දුව ලැබෙනතෙක් පාර්ලිමේන්තුව රැස්වෙලා සුහදශීලිව කටයුතු කරගෙන යෑම තමයි යෝග්‍ය වන්නේ. නැත්නම් එම රැස්වීම් යම් කාලයකට කල් තබාගැනීමයි. ඕනෑම නීතියක් ගැන කතා කරනවිට එක් පාර්ශවයක් හොඳයි කියනවිට අනෙක් පාර්ශවය නරකයි කියනවා එය නීතියේ තියෙන පොදු ගුණයක්.

යුක්තියට හඬක් සංවිධානයේ ලේකම් නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා....... යුක්තියට හඩක් සංවිධාන බිහිවන්නේ ඉකුත් සමයේ ඇතිවු දේශපාලන මර්දනයට, දේශපාලන දඩයමට එරෙහිව කටයුතු කරන්නයි. මේවනවිට රටේ අවසනාවට විධායකය, ව්‍යවස්ථාදායකය අතර බැලුබැල්මට පෙනෙන ගස්ටනයක් ඇතිවි තියෙනවා. අපි දකිනවිට මීට ලබාදිය හැකි එකම විසඳුම ඉක්මන් මහා මැතිවරණයක් පැවැත්වීමයි. රටේ දැන් ඇතිවි තිබෙන සියලු තත්ත්වයන් සළකා බැලීමේදි අපි වෘත්තිකයින් ලෙස කියන්නේ රටට ජනතාවට ආදරය කරන අය ලෙස නොයෙක් දේවල් ගැන කතා කරනවාට වඩා වහාම මහා මැතිවරණයකට යෑම අත්‍යඅවශ්‍ය දෙයක් බවයි. මේවනවිට ප්‍රධාන මාතෘකාවක් වන ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට නම් මැතිවරණය ඉතාම වැදගත්. 1978 ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍ය තියෙන්නේ ජනතාවටයි ඒ නිසා මහජන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නැවැත ඇති කිරීමට නම් දැන් තියෙන පාර්ලිමේන්තුවෙන් නොහැකි බව මොන්ටිසොරි යන ළමයින්ටත් තේරෙනවා. ඒ නිසාම හොඳම දේ මහජනතාව ඉදිරියට ගොස් ජනතාවට කියමු. විජාතික බලවේග වගේම දේශීය වශයෙනුත් රට අස්ථාවර කොට තම න්‍යාය පත්‍ර මුදුන් පත් කර ගැනීමේ කාර්යක නියැලි සිටින බව ඉතාම පැහැදිලියි. ඒ කරුණු ඇතමුන් බොරදියේ මාළු බාමින්ද සිටිනවා.

යුක්තියට හඩක් සංවිධානයේ සංස්කාරක ප්‍රවීණ මාධ්‍ය වේදි සුදර්මන් රදලියගොඩ මහතා........ අසාධාරණයට ලක්වු දේශපාලන පළිගැනීම්වලට ලක්වු රාජ්‍ය නිලධාරින්, රණවිරුවන් හා මාධ්‍ය වේදීන් සම්බන්ධයෙන් අත්තනෝමතිකව කටයුතු කරන්න එපා කියලා තමයි යුක්තියට හඬ එදා හඬ නැංවූයේ. මේවනවිට ව්‍යවස්ථා අර්බුදයක් දක්වා රට ගමන් කරමින් සිටිනවා. මහා බැංකු බැඳුම්කර සිද්ධියත් සමග රටේ ඇතිවු ආර්ථික අවපාතය ඇතුළු රටට අහිතකරව සිදුවු කරුණුත් සමග තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා සහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් වැදගත් දේශපාලන තීන්දුවක් ගත්තේ.

නව අදහස දක්වන්න