හිඟයකින් තොරව බෙහෙත් ගන්න මහා භාණ්ඩාගාරයෙන් මුදල් | දිනමිණ

හිඟයකින් තොරව බෙහෙත් ගන්න මහා භාණ්ඩාගාරයෙන් මුදල්

සුභාෂිණී සේනානායක
ජයසිරි මුණසිංහ

හිඟයකින් තොරව බෙහෙත් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් වහාම සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන තිබේ.

දැනට මුදල් නොමැතිකමින් රටේ බෙහෙත් හිඟයක් මතුව ඇතැයි නැ‍‍ඟෙන චෝදනා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ මහා භාණ්ඩාගාරයේ ප්‍රධානීහු සාකච්ඡාකොට ඇත. එහිදී ඉදිරිපත්වූ සෞඛ්‍ය අමාත්‍යාංශ වියදම් ඇස්තමේන්තුවලට අවශ්‍ය මුදල් ලබාදීමට පියවරගත් බව මහා භාණ්ඩාගාරයේ උසස් නිලධාරියකු ‘දිනමිණ’ට ප්‍රකාශ කෙළේය.

මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ කිසිදු ඖෂධ හිඟයක් නොමැති බව අපේක්ෂා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය බුද්ධික කුරුකුලසූරිය මහතා දිනමිණට ඊයේ (20) පැවසීය.

අපේක්ෂා රෝහලට ඖෂධ අවශ්‍යතාවයක් ඇති වන අවස්ථාවේදී රට තුළින්ම ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා තමාට පෞද්ගලිකව උපදෙස් ලබාදී ඇති බවද කුරුකුලසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

නව අදහස දක්වන්න