රටේ කිසිම ඖෂධ හිඟයක් නෑ | දිනමිණ

රටේ කිසිම ඖෂධ හිඟයක් නෑ

සුභාෂිණී සේනානායක

රටේ කිසිම ඖෂධ හිඟයක් නැතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනාරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

සෞඛ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ‍රට පුරා ඇති රෝහල් ඇතුළු වෛද්‍ය මධ්‍යස්ථානවලට අවශ්‍ය ඖෂධ නිකුත් කර ඇතැයි ද ඒ මහතා කීවේය.

ඇතැම් අවස්ථාවල සිදු වන හදිසි තත්ත්වයන් හමුවේ දේශීය මිල දී ගැනීම් සඳහා අනුමැතිය ලබා දී ඇති බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කිරීමටත් කටුයතු කරන බව ද ඒ මහතා කීවේය.

මේ වන විටත් ඖෂධ මිල දී ගැනීම් සඳහා වන ටෙන්ඩර් මණ්ඩල ක්‍රියාත්මක බව පෙන්වා දුන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සෑම රෝහලක්ම ආවරණය වන පරිදි ඖෂධ නිකුත් කිරීම් නිසි පරිදි සිදුවන බව ද අවධාරණය කළේය.

නව අදහස දක්වන්න