අය-වැය කියවද්දී මන්ත්‍රීවරු අසැබි වෙබ් නරඹලා | දිනමිණ

අය-වැය කියවද්දී මන්ත්‍රීවරු අසැබි වෙබ් නරඹලා

සුභාෂිණී සේනානායක

බස්නාහිර පාළාත් සභාවේ 2019 වසරට අදාළ අය-වැය ලේඛනය තමන් කියවමින් සිටි අවස්ථාවේ අසභ්‍ය වෙබ් අඩවි බැලු බව කියන මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් තමන් පුවත්පත්වල පළවු වාර්තාවක් මගින් දැනගත් බවත් ඒ අනුව විදුලි සංදේශ නියාමන කොමිසමෙන් වාර්තාවක් ඉල්ලා ඇතැයිද කියා සිටියේය.

මෙවැනි පරිගණක පහසුකම් තමා ලබා දුන්නේ ජනතාවට සිදු කළ යුතු සේවය හරියාකාරයෙන් ඉටු කරලීමට බව පෙන්වා දෙන ප්‍රධාන අමාත්‍යවරයා ඒවා අනිසි ආකාරයෙන් පරිශීලනය කර ඇති බව හෙළිදරව් වුවහොත් එම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය කමිටුව හරහා නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත් කියා සිටියේය.

තමන් අයැ-වය කතාව ඉදිරිපත් කරන විට ද පරිගණක ආශ්‍රිතව ශබ්දයක් නැගුණු බව පවසන ප්‍රධාන අමාත්‍යවරයා එහිදී මන්ත්‍රීවරුන් අසැබි වෙබ් අඩවි බලන බවට තමන් නොසිතූ බව ද වැඩිදුරටත් කියා සිටියේය.

නව අදහස දක්වන්න