රට පුරා වැස්ස වැඩිවෙයි | දිනමිණ

රට පුරා වැස්ස වැඩිවෙයි

උපාලි කරුණාරත්න

දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ සහ උතුරු සහ මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං වේගයේ වැඩිවීමක් අද(21) දිනයේ බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

මේ නිසා අද දිනයේ උතුරු පළාතේ ඇතැම් ස්ථාන වලට මි.මී 100-150 පමණ තඳ වැසි ඇතිවිය හැකි අතර විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, සහ වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී 100ක පමණ තද වැසි ඇතිවිය හැක. උතුර පළාත හරහා හමනපැ.කි.මී 40-50ක පමණ තඳ සුළං අද දිනයේදී බලාපොරොත්තු වේ. ගිගිරුම් සමිත වැසි සමඟ ප්‍රබල අකුණු සහ පැ.කි.මී 70-80ක පමණ කෙටි කාලීන තඳ සුළං ඇතිවීමේ හැකියාවද පවතී.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් නාය යාම් අවධානම් සහිත ප්‍රදේශවල ජනතාව නායයාම් ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. එමෙන්ම කඳුකර ප්‍රදේශවල මාර්ග භාවිතා කරන්නන්, රථවාහන පදවන්නන් වැසි සහිත අවස්ථාවන්හිදී දැඩි අවධානය යොමුකළ යුතුය. හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් අදාළ ප්‍රදේශයේ

ආපදා කලමණාකරණ මධ්‍යෂ්ථානයේ නිළධාරීන්ගේ සහය ලබා ගන්නා ලෙසඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. යාන් ඔයේ ජල මට්ටම ඉහළ යාමේ අවධානමක් හොරොව්පතාන ප්‍රදේශයෙන් ඊයේ පෙරවරුවේ දක්නට ලැබුණ බැවින් අවට ජනතාවට විමසිලිමත්වන ලෙස ආපදා කලමණාකරන මධ්‍යෂ්ථානය ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවලට උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇතිවිය හැක.

ඊයේ(20) පෙරවරු 8.30න් අවසන් වූ පැය විසිහතර තුළ උපරිම වර්ෂාපතනය මි.මී 90.9ක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල ප්‍රදේශයෙන්ද උපරිම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 32.8 රත්නපුර ප්‍රදේශයෙන්ද වාර්තා විය.

නව අදහස දක්වන්න