ඕස්ටේ‍්‍රලියාවෙන් ශ‍්‍රී ලංකාව සම්බන්ධ නිවේදනයක් | දිනමිණ

ඕස්ටේ‍්‍රලියාවෙන් ශ‍්‍රී ලංකාව සම්බන්ධ නිවේදනයක්

ඕස්ටේ‍්‍රලියාව ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ සමාජ මාධ්‍යවල පැතිර යන තොරතුරු පිළිබඳවය.
 
බෝට්ටු මඟින් ඕස්ටේ‍්‍රලියාවට පැමිණිය හැකි බවට මිනිස් ජාවාරම්කරුවන් විවිධ මතවාද ව්‍යාප්ත කර තිබේ. ඒවායේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ඕස්ටේ‍්‍රලියා මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
 
දේශ සීමා ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බව මහ කොමසාරිස් කාර්යාල පවසයි. 
 
පසුගිය වසර 05ක කාලය තුළ බෝට්ටු මඟින් පුද්ගලයින් 2525 දෙනෙකු නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට සංචාරය කර ඇති අතර එයින් 614 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
එසේම ඕස්ට්‍රේලියාව විසින් ඉතා දැඩි ලෙස දේශසීමා ආරක්ෂණ ක්‍රමවේදයක් 2013 වසරේ සිට ක්‍රියාත්මක කරන ලදි. එහිදී නීති විරෝධී ලෙස පැමිණි සංක්‍රමණිකයින් 166දෙනෙකු යළි ශ්‍රී ලංකාවට පිටත් කර එවා තිබුණි. 

නව අදහස දක්වන්න