සෞදි සබඳතා අත් නොහරින බව ට්‍රම්ප් කියයි | දිනමිණ

සෞදි සබඳතා අත් නොහරින බව ට්‍රම්ප් කියයි

සෞදි අරාබිය සමඟ පවතින සම්බන්ධතා අත් නොහරින බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
 
තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ දී මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් ඔවුන්ට විවිධ චෝදනා එල්ල වී තිබේ. කෙසේ වෙතත් එය නොතකා සෞදි අරාබිය සමඟ කටයුතු කරන බව අමෙරිකා ජනාධිපතිවරයා පවසො තිබේ.
 
ජී 20 සමුළුව අතරතුර දෙපාර්ශවයේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වෙන බව වාර්තා වේ.
 
සෞදි අරාබිය, අමෙරිකාවේ ස්ථාවර සගයෙක් වන අතර වාර්තාගත මුදලක් ආයෝජනය කරන රාජ්‍යයක් බව ද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. එවැනි වාතාවරණයක් තුළ තම මිත්‍රත්වය ඉතා වැදගත් බව ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බව සදහන් ය.
 
කෙසේ වෙතත්, කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු හොඳින් දැන සිටියත්, එම කිසිවක් දෙරටේ මිත්‍රත්වයට බාධාවක් නොවන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා තරයේ කියා සිටී.
 

නව අදහස දක්වන්න