මේ සතිය ඔබට කොහොමද? | දිනමිණ

මේ සතිය ඔබට කොහොමද?

නොවැම්බර් මස 21 සිට නොවැම්බර් මස 27 දක්වා

‍මේෂ
අධ්‍යාපනයට බාධා

අන් අය පාලනය කිරීමට ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසයද ඇතිවේ. කාර්යාලයීය ලිපි ගොනු ගොඩගැසේ. මේ නිසා මානසික ආතතිය ඇතිවිය හැක. පුවත්පත් හා ග්‍රන්ථ කර්තෘවරුන්ට වැඩ අධික කාලයකි. පිය උරුම ලැබීමට කටයුතු සැලසේ. උසස් අධ්‍යාපනයට බාධා සහිතය. වෘත්තීමය වශයෙන් හෝ වෙළෙඳ ව්‍යාපාර කටයුතු සඳහා විදේශ ගමන් යෙදේ. මංගල කාරණාවලට හිතකර කාලයක් නොවේ. අත්, උරහිස් රෝග ඇතිවේ.

වෘෂභ
නීති ගැටලු

ක්ෂණික තීරණ ගනී. මේ නිසා අවාසිසහගත ද විය හැක. තම සේවා ස්ථාන ක්‍රියාකාරකම්වලදී සුහදතාවය රැකගෙන නායකත්වය දෙමින් ක්‍රියා කරයි. බහුවිධ ආදායම් මාර්ග කරා යයි. ලැබිය යුතු මුදල් කොටස් වශයෙන් ලැබිය හැක. නීති ප්‍රශ්න නිසා පොලිසි, උසාවි යෑමට සිදුවිය හැක. පියා සමඟ හැලහැප්පිලි ඇතිවෙයි. අරපරෙස්සමක් නැතිව ධන ආයෝජන යොදයි. වාසස්ථාන, පාසල් ආදිය මාරු කිරීමට කටයුතු යෙදෙයි. රුධිර දෝෂ ඇතිවේ.

මිථුන
ප්‍රධානීන් හා ගැටුම්

පාසල් අධ්‍යාපන කටයුතු කලට වේලාවට අවසන් කරගැනීමට හැකිය. තම සේවා ස්ථානයේ ගැටුම් ඇතිවේ. වගකීම් දැරීමට සිදුවිය හැක. ප්‍රතිවාදීන් හා හැලහැප්පිලි හටගනු ඇත. පෙම්වතුන්ට අපවාද ලැබීමට සිදුවෙයි. ආත්ම පාලනය ගිලිහෙයි. ගන්නා උත්සාහය තරමට ආදායම්වල වර්ධනයක් නැත. මානසික කඩාවැටීම් ඇතිවිය හැක. ප්‍රධානීන් හා ගැටුම් ඇති වෙයි.

කටක
දුර ගමන් යෙදේ

නිදන්ගත රෝග ඉස්මතු වෙයි. විශේෂයෙන් හිසේ රෝග ඇතිවේ. ඉඩම් ආරවුල් ඇතිවිය හැක. වෘත්තීමය වශයෙන් ප්‍රබල තත්ත්වයකට පත්වේ. බහුවිධ ක්ෂේත්‍රවලින් ආදායම් මාර්ග ලැබිය හැක. කෙටි ගමන්, දුර ගමන් යෙදේ. එම ගමන් සියල්ල වෙහෙසකාරී විය හැක. නිසි ප්‍රයෝජන වේ. ව්‍යාපාරවල නිරතවූවන්ට වාසිසහගත ය. ගෘහස්ථ ජීවිතයේ හැලහැප්පිලි ඇතිවිය හැක. කලාවේ නිරත වූවන්ට කාර්යබහුල සතියකි.

සිංහ
ප්‍රතිවාදීන්ට පරාජය

ශාරීරික වෙහෙස වීමට වඩා මොළය වෙහෙස වීම වැඩිය. අය පක්ෂයේ ප්‍රගතිය ස්වඋත්සාහයෙන් ලබාගනී. අසල්වැසියන් හා ගැටුම් ඇතිවිය හැක. පාසල් අධ්‍යාපනයේ දැඩි දුෂ්කරතා ඇතිවෙයි. නිවාස, ගොඩනැගිලි, ඉඩකඩම් ගැටලු ඉස්මතුවෙයි. ක්‍රීඩාවේ නිරත වූවන්ට ප්‍රතිවාදීන් පරාජය කළහැක. උගතුන්, ශාස්ත්‍රවේදීන් හා ගුරුවරුන්ගෙන් සහයෝගය ලැබේ. ගුප්ත රෝග ඇතිවිය හැක.

කන්‍යා
ඉඩම් වාසි

බහුවිධ ක්ෂේත්‍රවලින් ආදායම් වැඩිකරගත හැක. ලේඛකයන්ට වැඩ බහුල සතියකි. මේ නිසා ඔවුනට ආතතිය ද ඇතිවේ. ඉඩම්, නිවාස විකිණීමේ කටයුතුවලදී වාසි ලැබිය හැකිය. පාසල් අධ්‍යාපනයට අවහිරතා ඇතිවෙයි. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට හිතකර කාලයකි. පෙම්වතුන් ආවේගශීලීවෙයි. ගෙවීමට ඇති මුදල් කොටස් වශයෙන් ගෙවයි. අපවාද අවලාද ලබයි. මූත්‍ර ආබාධ ඇතිවේ.

තුලා
විදෙස් ගමන්

උසස් අධ්‍යාපනයට හිතකර තත්ත්වයකි. ඉඩම්, වතුපිටි විකිණීමේ ගනුදෙනු ඇත්නම් ඔවුන්ට වාසිදායක වේ.

විදේශීය ගමන් යා හැක. ආවේගශීලී වෙයි. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට ආධාර මුදල්ද ලැබේ. ණය දී ඇත්නම් කොටස් වශයෙන් නැවත ලැබීමට නියමිතය. ව්‍යාපාරවල නිරතවූවන්ට මුදල් හිරවීම්වලට භාජනය විය හැක. රුමෙටික් ආබාධ ඉස්මතු වේ.

වෘශ්චික
රුධිර දෝෂ

ඉඩම් වාසි ලබයි. ආවේගශීලී වෙයි. ආත්ම අධිෂ්ඨානය වැඩිය. තම දරුවන්ගෙන් උපකාර ලබයි. ව්‍යාපාරිකයන්ට යම් වාසිදායක තත්ත්වයක් උදාවේ. සුඛෝපභෝගී දෑ වෙනුවෙන් වියදම් කරයි. ඉඩකඩම්, වතුපිටිවලින් ආදායම් ලබන්නන්ට වාසිදායක සතියකි. මංගල කාරණාවලට එතරම් සුබ නැත. පෙම්වතුන් රහසිගත කටයුතුවල යෙදේ. රුධිර දෝෂ සිදුවිය හැක.

ධනු
සමාජයෙන් අපවාද

පාසල් අධ්‍යාපන කටයුතුවලට වියදම් අධික වේ. තම දරුවන්ගේ ලෙඩදුක් වෙනුවෙන් ද වියදම් කිරීමට සිදුවෙයි. රාගය ඉස්මතු වේ. ඒ නිසා සමාජයෙන් අපවාද ලබයි. කාර්යාලයේ ලිපි ගොනු ගොඩගැසේ. කලට වේලාවට එම කටයුතු අවසන් කර ගැනීමට නොහැකිවීම නිසා මානසික පීඩනය ඇතිවේ. ලේඛකයන්ට වැඩ අධික වෙයි. ක්‍රීඩාවේ නිරතවූවන්ට ගැටුම්කාරී අවස්ථාවන්ට මුහුණදීමට සිදුවේ. රුධිර දෝෂ ඇතිවේ.

මකර
ව්‍යාපාරිකයන්ට සුබයි

යෙදූ ආයෝජනවලින් ප්‍රතිලාභ ලැබේ. කොන්ත්‍රාත්, ව්‍යාපාරිකයන් තම වෘත්තීන් සඳහා ආයෝජන යොදයි. ඉඩම් ගනුදෙනු ඇති අයට වාසිදායක සතියකි. මංගල කටයුතු සඳහා සුබ කාලයක් නොවේ. සති අග සිට පෙම්වතුන් රහසිගත ක්‍රියාකාරකම්වල යෙදේ. විදේශ සංචාර ඇති වෙයි. උරහිසේ ආබාධ හටගනී.

කුම්භ
රැකියාවේ උසස්වීම්

විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට වාසිදායක ය. රැකියා උසස්වීම්, මාරුවීම් ලැබේ. ලේඛකයන්ට කාර්යබහුල සතියකි. තම දරුවන්ගේ අධ්‍යා පන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. හවුල් ව්‍යාපාරිකයන් බහුවිධ ක්ෂේත්‍රකරා විහිදෙයි. මංගල කරුණුවලට හිතකරය. ගුප්ත විද්‍යාවේ පිහිට ලැබේ. සෙම් රෝග ඇතිවිය හැක.

මීන
හදිසි ධන වාසි

වෘත්තීමය තත්ත්වයෙන් ඉවත්වීමක්, විශ්‍රාම යෑමක්, නිවාඩු යෑමක් පෙන්වයි. විදේශීය සංචාර යෙදේ. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලැබේ. හදිසි ධන වාසි පෙන්වයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාර්යබහුල බවක් ඇත. එම නිසා පීඩාකාරී වාතාවරණයකට පත්විය හැක. මංගල කාරණාවලට හිතකරය. ව්‍යාපාරිකයන් බහුවිධ ක්ෂේත්‍ර කරා විහිදේ. මූත්‍රා ආබාධ ඇතිවේ.

ජ්‍යොතීර්වේදී
පානදුරේ රෝහන් වීරරත්න

නව අදහස දක්වන්න