අගමැති - ඇමැති ලේකම්වරු නීත්‍යානුකූලයි | දිනමිණ

අගමැති - ඇමැති ලේකම්වරු නීත්‍යානුකූලයි

සුභාෂිණී සේනානායක

අමාත්‍යාංශ ලෙක්ම්වරුන්ට නීත්‍යාණුකූලව රාජකාරි කිරීමට කිසිදු බාධාවක් නැතැයි ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) වගන්තිය යටතේ අමත්‍යාංශ ලේකම්වරු පත් කළේ ජනාධිපතිවරයා බවත්, එම පත්වීම්වල කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් ඇමැතිවරයා පැවැසීය.

මේ වන විට නව අග්‍රාමාත්‍යවරයකු සහ නව අමාත්‍ය මණ්ඩලයක් ජනාධිපතිවරයා විධිමත්ව පත් කර ඇති බැවින් ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරුන් ද පත් කළ බව ඒ මහතා කීය.

එක්සත් ජාතික පක්ෂය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට බැඳී සිටින බවට ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් මෙසේ පැවසූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරමින් සැකසූ 1947 සහ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිධූරය නාමික තනතුරක් බවට පත් කොට තිබූ බවත්, සියලු බලතල තිබුණේ අගමැතිවරයාට බවත් කියා සිටියේය.

ජේ.ආර්.ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ 1978 ව්‍යවස්ථාවෙන් අගමැති සතු බලය නාමික කොට සියලු බලතල ජනාධිපති යටතට පවරා ගත් බවද පෙන්වා දුන් හෙතෙම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායක් දැන් මේ රටේ නොමැති බව කීවේය.

නව අදහස දක්වන්න