කෙහෙ­ල්ලන්ද වැවේ පිළි­ස­කර වැඩ බාගෙට | දිනමිණ

කෙහෙ­ල්ලන්ද වැවේ පිළි­ස­කර වැඩ බාගෙට

කන්න හයක් පාළු වී ගොවියෝ අස­ර­ණයි

බිබිල මැති­ව­රණ බල ප්‍රදේ­ශයේ මඩුල්ල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ උඩු­මුල්ල ගමේ පිහිටි කෙහෙ­ල්ලන්ද වැවේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු ආරම්භ කර වසර තුනක් ගෙවී ගොස් ඇතත් වැඩ අව­සන් නොකි­රීම නිසා කන්න හයක් කුඹුරු අස්වැ­ද්දී­මට නොහැකි වීමෙන් ගොවීන් අන්ත අස­රණ තත්ත්ව­යට පත්වී සිටිති. වැවේ ජල ධාරි­තාව වැඩි කොට අලු­තෙන් සොරො­ව්වක් ඉදි­කි­රීම සඳහා 2016 වර්ෂයේ දී වැවේ ප්‍රති­සං­ස්ක­රණ ආරම්භ කර ඇත. ඒ අනුව වැව් බැම්ම පළ­ල්කොට වැව් බැම්ම අඩි 6 කින් උස් කිරී­මට සැල­සුම් කර තිබිණි. ඒ සඳහා රුපි­යල් මිලි­යන හත­ළිස් තුනක් වැය කිරී­ම­ටත් සියලු ඉදි­කි­රීම් වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව මඟින් සෘජු ශ්‍රමය මත කිරී­ම­ටත් නිය­මි­තව තිබිණි. ප්‍රථ­ම­යෙන් සිදු කළේ වේල්ල කපා පැරැණි සොරොව්ව ඉවත් කිරී­මය. සොරොව්ව අසල රැඳී තිබූ විශාල වැලි තට්ටුව ඉවත් කිරී­මෙන් අන­තු­රුව වේල්ල උස් කරන ලදි. පසු­ගිය මාසයේ ප්‍රදේ­ශ­යට ඇද හැලුණු මහ වැස්සත් සමඟ බැම්මේ විශාල කොට­සක් ජල පහ­රට කඩා­ගෙන ගොස් කුඹුරු යාය සහ ඒ අවට නිවාස කිහි­ප­යක් පස් හා රොන් මඩ­ව­ලින් යට­විණි. මේ පිළි­බඳ වැව ආස­න්නයේ පිහිටි බිංගොඩ පුරාණ රජ­මහා විහා­රයේ විහා­රා­ධි­පති ගල­බැද්දේ රත­න­ජෝති හිමි­පා­ණන් වහන්සේ මෙසේ වදා­ළහ.

විහා­ර­ස්ථා­නය අසල පිහිටි කෙහෙ­ල්ලන්ද වැව ඉතා­මත් පැරැණි වැවක්. වැවේ සොරොව්ව අස­ලින් කාල­යක් සිට සුළු ජල කාන්දු­වක් තිබුණා. එයින් කිසිදු හානි­යක් වුණේ නැහැ. 2016 අවු­රුද්දේ එව­කට වාරි­මාර්ග ඇමැ­තිව සිටි ගාමිණී විජිත් විජ­ය­මුණි සොයිසා මහතා වැව ප්‍රති­සං­ස්ක­ර­ණය කිරී­මට මුදල් වෙන් කළා. අලු­තෙන් සොරො­ව්වක් සවි­කි­රී­මට වේල්ල කැපුවා. සොරොව්ව අසල තිබුණු වැලි නිධිය ජාවා­ර­ම්ක­රුවෝ අර­ගෙන ගියා. බැම්මේ පස් වැඩ ටික කළා. බාග­යක් වැඩ කරලා වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ මහ­ත්වරු යන්න ගියා. පසු­ගිය මාසයේ මහ වැස්සට සොරොව්ව ළඟින් බැම්මේ විශාල කොට­සක් කඩා­ගෙන ගියා. මගේ දාය­ක­යන්ට කන්න හයක් වැව යටතේ කුඹුරු අස්වැ­ද්දී­මට නොහැකි වුණා. ඒ අය අන්ත අස­රණ තත්ත්ව­යට පත්වෙලා.

ඩී.එම් ගුණ­පාල ගොවි මහතා - කෙහෙ­ල්ලන්ද වැව ප්‍රති­සං­ස්ක­ර­ණය කරන්න කියලා ඇවිත් කළේ මහා අප­රා­ධ­යක්. ගොවි පවුල් දෙසී­ය­කට පමණ කන්න හයක් ගොවි­තැන් කරන්න බැරි­වුණා. තඹ­ර­කැ­ටිය ආර හරහා වැවට ජලය පිරෙ­නවා. ගොවියෝ කවු­රු­වත් ඉල්ලුවේ නැහැ වැව ලොකු කරන්න කියලා. වැවේ වේල්ල පළල් කරලා අඩි හය­කින් වේල්ල උස්සලා ජල ධාරි­තාව වැඩි කරලා දෙක­න්න­ය­ටම ජලය දෙනවා කියලා තමයි වාරි­මා­ර්ගයේ මහ­ත්වරු කීවේ. පරණ සොරොව්ව ලඟින් බැම්ම කඩලා අලුත් සොරොව්ව හද­නවා කිව්වා. වැවේ වැලි ටික ගොඩ දාගෙන පස් වැඩ විත­රක් කරලා මහ­ත්වරු යන්න ගියා. වරි­න්වර ඇවිත් ටික ටික වැඩ කළා. පසු­ගි­යදා ඇද­හැ­ළුණු මහ වැස්සට අලුත් සොරොව්ව හදන්න බැම්ම කඩපු තැනින් විශාල කොට­සක් කඩා­ගෙන ගිහින්. පහළ කුඹුරු යාය­වල් යට වුණා. ගෙවල් දොර­වල් ද ජල­යෙන් යටවී විශාල හානි­යක් වුණා. අපි රජ­යෙන් ඉල්ලන්නේ කන්න හයක් කුඹුරු කරන්න බැරි­වුණු ගොවීන්ට වන්දි­යක් දෙන්න, ඉක්ම­න­ටම වැවේ බැම්ම හදලා කුඹු­රු­ව­ලට ජලය දෙන්න කිය­ලයි.

මඩුල්ල ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති චමින්ද පුෂ්ප­කු­මාර මහතා- කෙහෙ­ල්ලන්ද වැවේ ප්‍රති­සං­ස්ක­ර­ණය කර­නවා කියලා සිදු­කළේ මහා විනා­ශ­යක්. පැරැණි සොරොව්ව අසල ගොඩ ගැසී තිබුණු වැලි ටික ගොඩ දා ගත්තා ඇමැ­තිගේ හිත­ව­තුන්. ගොවි සංවි­ධා­න­යත් ඊට උදව් කළා. ඒ කාලයේ ප්‍රාදේ­ශීය සභාව පාල­නය වුණේ නිල­ධා­රීන් යටතේ. වැවේ ඉදි­කි­රීම් සොයා බැලී­මට මහ­ජන නියෝ­ජි­ත­යින් සිටියේ නැහැ. ඒ නිසයි මෙවැනි අප­රා­ධ­යක් වුණේ.

මොන­රා­ගල වාරි­මාර්ග ඉංජි­නේරු එස්.පී අජන්ත ජය­තිස්ස මහතා- පකෙ­හෙ­ල්ලන්ද වැවේ සොරොව්ව අස­ලින් ජලය කාන්දු වෙන්න පටන් ගත්තා. දිනෙන් දින එය වැඩි වුණා. ගොවි සංවි­ධා­නයේ එක­ඟ­තාව මත පැරැණි සොරොව්ව ගලවා අලුත් සොරො­ව්වක් ඉදි­කි­රී­ම­ටත් වැව් බැම්ම පළ­ල්කොට අඩි හය­කින් උස් කිරී­ම­ටත් පිට­වාන අඩි තුන­කින් උස් කිරී­ම­ටත් අලුත් සොරො­ව්වක් ඉදි­කි­රී­ම­ටත් තීර­ණය කළා. ඒ සඳහා රුපි­යල් මිලි­යන හත­ළිස් තුනක් වැය­වෙන ඇස්ත­මේ­න්තු­වක් හැදුවා. සියලු ඉදි­කි­රීම් සෘජු ශ්‍රම පද­නම මත වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව මඟින් සිදු කළා. වැඩ කර­ගෙන යන විට මූල්‍ය ප්‍රති­පා­දන ලැබීම ප්‍රමාද වුණා. ඉදි­කි­රීම් කට­යුතු ඉතා­මත් මන්ද­ගා­මීව සිදු­වුණා. පසු­ගි­යදා ඇද­හැ­ළුණු මහ වැස්සෙන් බැම්ම සොරොව්ව අස­ලින් කඩා­ගෙන ගිහින්. වැස්ස අඩු වූ වහාම බැම්ම හැදී­මට කට­යුතු කර­නවා.2018/19 මහ කන්නයේ කුඹුරු අස්වැ­ද්දී­මට නොහැකි වේවි.

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස් ගුණ­ති­ලක

නව අදහස දක්වන්න