පිහි ඇනුමෙන් සිසුවෙක් ජීවිතක්ෂයට | දිනමිණ

පිහි ඇනුමෙන් සිසුවෙක් ජීවිතක්ෂයට

ඝාතනයට යොදාගත් යතුරුපැදිය අත්අඩංගුවට

මාතර ,ඇලවේල්ල පාරේ දී පාසල් ළමුන් දෙපිරිසක් සිදුවූ ගැටුමකදී සිදු කරන ලද පිහිඇනීමකින් මාතර ප්‍රධාන පෙලේ පාසලක 19 හැවිරිදි ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත් විය. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ තිහගොඩ මාහේන ප්‍රදේශයේ පදිංචි ජයවීර කන්කානම් ආරච්චිගේ රසිඳු ගිම්මාන නැමැති අයෙකි.

24 වැනි දින පස්වරුවේ පෞද්ගලික පන්තියකට සහභාගිවීම සදහා තවත් සිසුන් දෙදෙනෙකු සමග මොහු පැමිණි අතර ඇලවේල්ල ප්‍රදේශයේ රැඳී සිටි තවත් සිසුන් තිදෙනකු ඔවුනට පහරදීමක් කළ අතර සිදුවූ ‍

පිහිඇනුමකින් තුවාල ලැබූ සිසුවා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව පොලීසිය පැවසීය. රවිදු ගිම්මාන තිහගොඩ මාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙහිදී තුවාල ලැබූ තවත් පාසල් සිසුවෙකු මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

මීට කළෙකට පෙර සිදුවූ කථාබහක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුවී ඇති අතර මුලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ගැටුමට ප්‍රේම සම්බන්ධතාවයක් මුල්වී ඇති බවයි. සිද්ධිය අසල තිබූණු සී සී ටීවී කැමරාවක සටහන්ව තිබූ අතර සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇත. ඔවූහු ද මාතර ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය ලබති. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති අතර මාතර පොලිසිය වැඩිදුරටත් පරික්ෂණ පවත්වනු ලබයි.

ටී.කේ.මහින්ද වැලිගම සමූහ සහ මාතර සමූහ

 

නව අදහස දක්වන්න