පාර්ලිමේන්තුව විසුරුවාලීම: නඩු තීන්දුව 7දා නොවේ | දිනමිණ

පාර්ලිමේන්තුව විසුරුවාලීම: නඩු තීන්දුව 7දා නොවේ

උපාලි කරුණාරත්න

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩු තීන්දුව දෙසැම්බරු 7 දින ලබා දෙන බවට උසාවිය තීන්දු කර නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (26) පිටකෝට්ට පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව 7 දින ලබා දෙන බව බොහෝ දෙනා රටට ප්‍රකාශ කරන බව දැකිය හැකි බව පැවසූ ඇමැතිවරයා එම නඩුවේ තීන්දු දිනය ප්‍රකාශයට පත් කරනුයේ 6 දින පස්වරුවේ බවද කීය. තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය 7 දින නොවිය හැකි යැයි පැවසූ ගම්මන්පිල ඇමැතිවරයා, සති අන්තයක් යෙදෙන බැවින් එය 10 දින‍ හෝ ඊට පසු දිනයක් විය හැකි බවද ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න