තාජුදීන් ඝාතන සැකකරුවන් අධිකරණයට කැදවන්න | දිනමිණ

තාජුදීන් ඝාතන සැකකරුවන් අධිකරණයට කැදවන්න

වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ මිනීමැරුම් චෝදනා එල්ල කළ හැකි සැකකරුවන් සිටීනම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද රහස් පොලීසියට නියම කළේය.

එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මෙහි සැකකරුවන් ලෙස නම් කර සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා, බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර යන අයට එරෙහිව මෙම මිනී මැරුම් සිද්ධියේ සාක්ෂි වසන් කිරීම සහ ව්‍යාජ ලේඛන සැකසීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි.

ඒ අනුව පැමිණිල්ල නැවත පෙබරවාරි මස 28 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම සැකකරුවන් තුන් දෙනාට එරෙහිව මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි සාක්ෂි මොනවාද යන්න පිළිබඳව අධිකරණය දැනුවත් කරන්නැයි රහස් පොලීසියට නියෝග කළේය.

නව අදහස දක්වන්න