අබාන්ස් කළ­ම­නා­ක­රණ විස­ඳුම් සේවා හඳුන්වා දෙයි | දිනමිණ

අබාන්ස් කළ­ම­නා­ක­රණ විස­ඳුම් සේවා හඳුන්වා දෙයි

ප්‍රමුඛපෙළේ සන්නාම හා සේවා සපයන්නකු වන අබාන්ස් විසින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආකෘතිය ශක්තිමත් කිරීම සඳහා ‘ඒකාබද්ධ පහසුකම් කළමනාකරණය‘ නමින් සේවා හස්තයක් හඳුන්වා දෙනු ලබයි.

දශක තුනකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඉන්දියාව යන රටවල පහසුකම් කළමනාකරණ සේවයහි ප්‍රමුඛතම සැපයුම්කරුවා අබාන්ස් වේ. මේ සමූහය විසින් Blue-Chip ව්‍යාපාර හා රාජ්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීම හරහා වෙළෙඳ පොළේ විශ්වාසය දිනා ගෙන තිබේ. මේ අත්දැකීම් සහ ධාරිතාවයන් මත පදනම්ව අබාන්ස් හි උප සමාගමක් වන Facilities Management Integrated Private Limited (FMI) හරහා දේශීය ව්‍යාපාර සහ සේවාවල කාර්යන් පහසුවෙන් ඒකාබද්ධ කිරීම සඳහා ‘ඒකාබද්ධ පහසුකම් කළමනාකරණ විසඳුම්‘ සේවාව හඳුන්වා දී ඇත.

FMI සපයන ලද සේවාවන් පිළිබඳ අදහස් දක්වමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ ෆිරෝස් පෙස්ටොන්ජී මහතා ප්‍රකාශ කර සිටියේ පහසුකම් කළමනාකරණයේ දී බොහෝ විට අයිතිකරුවන්ට විශාල වගකීමක් පැවරී ඇති බවත්, අභ්‍යන්තරව මේ සේවාවන් මෙහෙයවීමේ පිරිවැය සහ වියදම් වල අකාර්යක්ෂමතාවන් අධික ලෙස සිදු වන බවත්ය. එම නිසා කාර්යන් අතර මනා සම්බන්ධීකරණයක් නිරතුරුවම අවශ්‍ය බවත්, FMI විසින් පිරිවැය අවම කරගැනීම සඳහා ඵලදායී විසඳුම් ලබා දෙන බවත්, දේපළ හිමිකරුවන්ගේ ව්‍යාපාර ආතතිය දුරු කිරීමට FMI කණ්ඩායම ඉහළ කාර්යක්ෂමතාවක් හා වෘත්තීයභාවයකින් කටයුතු කරන බවත්ය.

නව අදහස දක්වන්න