වව්නතිව්වලට CID විශේෂ කණ්ඩායමක් | දිනමිණ

වව්නතිව්වලට CID විශේෂ කණ්ඩායමක්

වව්නතිව් හි මාර්ග බාධකයක් අසල පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ නිලධාරී කණ්ඩායමක් පිටත්ව ගොස් ඇත. 
 
පොලිස්පතිවරයාගේ නියම පරිදි මෙම කණ්ඩායම පිටත්ව ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
මඩකලපුව වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්ත මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස මිය ගොස් සිටියේ දී අද(30) උදෑසන හමුව තිබුණි. 
 
මෙලෙස මිය ගොස් තිබුනේ වයස 35ක් වූ නිරෝෂන් ඉන්දික ප්‍රසන්න නැමැති ගාල්ල, උඩුගම පදිංචි නිලධාරියෙක් සඑ වයස 28ක් වූ ගනේෂ් දිනේෂ් නැමැති කල්මුණේ පදිංචි නිලධාරියෙකි.
 
එම මෘත ශරීරයන් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්‍ෂණය මඩකලපුව මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතය. 

නව අදහස දක්වන්න